Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තිමෝති 2:2 - සිංහල කාලීන පරිවර්තනය

2 හැම අතින්ම භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව සාමකාමී, නිසසල ජීවිතයක් ගත කරන පිණිස, රජුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා එසේ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 භක්තියෙන් හා ගෞරවයෙන් යුක්ත ව, සාමකාමී තැන්පත් ජීවිතයක් අපට ගත කළ හැකි වන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා ද යාච්ඤා කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 භක්තියෙන් හා ගෞරවයෙන් යුක්ත ව, සාමකාමී තැන්පත් ජීවිතයක් අපට ගත කළ හැකි වන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා ද යාච්ඤා කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තිමෝති 2:2
22 හුවමාරු යොමු  

අප ඔබට පැවසූ පරිදි නිසංසල ජීවිතයක් ගත කිරීමත්, තමන්ගේ වැඩ බලාගැනීමත්, ඔබේම දෑත වෙහෙසා වැඩ කිරීමත් ඔබේ අභිලාෂය කරගන්න.


සියලු දෙනා සමඟ සාමයෙන් විසීමටත්, ශුද්ධවත් ජීවිතයක් ගත කිරීමටත් පරිශ්‍රම දරන්න. ශුද්ධත්වයෙන් තොරව කිසිවකුත් ස්වාමින්වහන්සේ දකින්නේ නැත.


හැකි පමණින්, හැම කෙනකු සමඟ සාමයෙන් වෙසෙන්න.


අවසන් වශයෙන් සහෝදරයිනි, සත්‍ය දේ කවරේ ද උදාර දේ කවරේ ද නිවැරදි දේ කවරේ ද පවිත්‍ර දේ කවරේ ද මනහර දේ කවරේ ද අගේ කළ යුතු දේ කවරේ ද එය විශිෂ්ට නම්, ප්‍රශංසනීය නම් ඒ දෑ ගැන සිත් යොමන්න.


එබැවින් දෙවියන්වහන්සේ හා මිනිසුන් ඉදිරියේ පිරිසිදු හෘද සාක්ෂියකින් සිටින්නට සැමවිට පරිශ්‍රම දරමි.


ඔවුහු පිළිතුරු දෙමින්, “අප ආවේ කොර්නේලියස් නම් සියයේ සේනාංක සෙන්පති වෙතින්. ධර්මිෂ්ඨ, දේව භයින් යුතු කෙනෙක් වන ඔහු මුළු යුදෙව් ජනයාගේ ගෞරවය දිනා සිටී. ශුද්ධ දේව දූතයෙක් ඔහුට දර්ශන වී, ඔබ පවසන දෑ අසන පිණිස, ඔහුගේ නිවසට ඔබ කැඳවන ලෙස දන්වා ඇතැ” යි පැවසූහ.


ඉශ්‍රායෙල්හි සැනසීම අපේක්ෂාවෙන් සිටි සිමියොන් නම් වූ ධර්මිෂ්ඨ, භක්තිවන්ත මනුෂ්‍යයෙක් යෙරුසලමේ සිටියේ ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු පිට වැඩසිටි සේක.


ස්වාමින්වහන්සේගේ සියලු අණ හා පණත්වල නිර්දෝෂීව හැසුරුණු මොවුන් දෙදෙනා, දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයින් වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්