ඇය පුතකු බිහි කරනු ඇත. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතු ය. මන්ද ස්වකීය ජනයා ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේ යැ” යි කීවේ ය.
1 තිමෝති 1:15 - සිංහල කාලීන පරිවර්තනය විශ්වාසනීයවූත්, මුළුමනින් පිළිගැනීමට යෝග්‍යවූත් කියමනකි: පව්කරුවන් ගලවන්නට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට පැමිණි සේක යන්න. ඔවුන්ගෙන් ලොකුම පව්කරුවා මා ය. Sinhala New Revised Version පව්කාරයන් ගළවන්නට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ලෝකයට වැඩිය සේක යන කීම විශ්වාසකටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කියමනකි. ඔවුන් අතරෙන් ප්‍රධාන පව්කාරයා මම ය. Sinhala New Revised Version 2018 පව්කාරයන් ගළවන්නට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ලෝකයට වැඩිය සේක යන කීම විශ්වාසකටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කියමනකි. ඔවුන් අතරෙන් ප්‍රධාන පව්කාරයා මම ය. Sinhala Revised Old Version පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක යන කීම විශ්වාසවූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය; ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය. |
ඇය පුතකු බිහි කරනු ඇත. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතු ය. මන්ද ස්වකීය ජනයා ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේ යැ” යි කීවේ ය.
“මේ කුඩාවුන්ගෙන් එකකු හෝ සුළු කොට නො තකන්ට වගබලා ගන්න. මා එසේ කියන්නේ, ඔවුන්ගේ දේව දූතයින් ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිරතුරු දකින හෙයිනි.
එසේම මනුෂ්‍ය පුත්‍රයාණන් සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් පැමිණියේ යැ” යි පැවසූ සේක.
‘මම පූජාවට නො ව දයාවට කැමැත්තෙමි’ යන්නෙහි අරුත කුමක්දැයි ගොසින් ඉගෙන ගන්න. මා ආවේ ධර්මිෂ්ඨයින් කැඳවීමට නො ව, පව්කරුවන් කැඳවීමට යැ” යි පැවසූ සේක.
එය ඇසුණු යේසුස්වහන්සේ, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි. මා ආවේ, පව්කරුවන් මිස ධර්මිෂ්ඨයින් කැඳවීමට නො වේ” යි පැවසූ සේක.
එවිට පරිසිවරු හා දහම් පඬිවරු, “මොහු පව්කාරයින් පිළිගෙන, ඔවුන් සමඟ කෑමත් කනවා” යි මැසිවිලි කීහ.
මා ආවේ, පව්කරුවන් පසුතැවිල්ලට කැඳවීමට මිස, ධර්මිෂ්ඨයින් කැඳවීමට නො වේ යැ” යි පැවසූ සේක.
එසේ වුවත්, උන්වහන්සේ පිළිගත් සියල්ලනට, උන්වහන්සේගේ නාමය තුළ අදහාගත් අයට දෙවියන්වහන්සේගේ දරුවන් වීමට උන්වහන්සේ වර දුන් සේක.
පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ;
“යමෙක් මගේ වචන අසා, ඒවා පිළිපදින්නේ නැති වුවත්, මා ඔහු විනිශ්චය කරන්නේ නැත. මා ආවේ ලෝකය විනිශ්චය කිරීමට නො වෙයි; ලෝකය ගලවා ගැනීමටයි.
පුත්‍රයාණන් අදහන්නාට සදාතන ජීවනය තිබෙයි. එහෙත් පුත්‍රයාණන්ට කීකරු නො වන්නාට ජීවනය දකින්නට නො ලැබෙයි. දෙවියන්වහන්සේගේ උදහස ඔහු මත රැඳී පවතී.
අන්‍ය-ජාතිකයින් ද දෙවියන්වහන්සේගේ වචනය පිළිගැනීමේ පුවත අපෝස්තුලුවරුනට ද යුදය පුරා සිටින සහෝදරයිනට ද සැල විය.
පේතෘස්ගේ එම කතාව ඇසූ පසු, ඔවුන්ගේ විරෝධතා නැවතිණි. “එසේ නම් ජීවනය පිණිස වූ පසුතැවිල්ල දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන්ටත් අනුමත කළ සේකැ” යි කියමින් ඔවුහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.
දෙවියන්වහන්සේ, ස්වකීය සේවකයා නැගිටුවා දී, මුලින්ම එවන ලද්දේ ඔබ වෙතටයි. එසේ කළේ ඔබ හැම කෙනකුම ඔබේ දුෂ්ට මාර්ගවලින් හැරවීමෙන් ඔබට ආශිර්වාද කරනු පිණිස යැ” යි පැවසී ය.
මන්ද අපෝස්තුලුවරුන් අතරින් ඉතාම සුළු තැනැත්තා මා ය; දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කළ බැවින්, අපෝස්තුලුවරයෙකැයි කියනු ලබන්නටවත් මම නො වටිමි.
සියලු ශුද්ධවන්තයින් අතරේ ඉතාම සුළු තැනැත්තා මා වුවත්, මට ඒ අනුග්‍රහය දී ඇත්තේ, තේරුම් ගෙන නිම කළ නො හැකි ක්‍රිස්තුස්වහන්සේගේ ඉසුර අන්‍ය-ජාතිකයිනට ප්‍රකාශ කිරීමටත්,
ඉහතදී මා උන්වහන්සේට එරෙහි දේවාපහාසිකයකු, හිංසකයකු හා සැහැසි විරුද්ධවාදියකුව සිටියදී ය; එහෙත්, එකල මා ක්‍රියා කළේ නො දැනුවත්කමින් හා මිථ්‍යා දෘෂ්ටිකව බැවින් මම දයාව ලදිමි.
එසේ කළ යුත්තේ ඇදහිල්ලෙන් හා පවිත්‍ර හෘදය සාක්ෂියකින් යුතුව ය. එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතැම්හු තම ඇදහිල්ලේ නැව මුහුදුබත් කර ගත්හ.
යමකු, සභාවේ නායක තනතුර දැරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහු ශ්‍රේෂ්ඨ කාරියකට ආශා වන්නේ ය යන්න විශ්වාසනීය කියමනකි.
සෑම සියල්ලට ජීවනය දෙන දෙවියන්වහන්සේ ඉදිරියේදීත්, ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් අබියස තම සාක්ෂිය දෙන අතරේ මනා ප්‍රකාශයක් කළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියේදීත් මා ඔබට අණ කරන්නේ,
මෙය විශ්වාසනීය කියමනකි: උන්වහන්සේ සමඟ අපි මැරුණෙමු නම්, උන්වහන්සේ සමඟ අප ජීවත්වනු ද ඇත.
මේ කියමන විශ්වාසනීය ය; දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබූවන්, යහපත් ක්‍රියා කිරීමට තමන්ම කැපවීමට උනන්දු වන පිණිස, මේ දෑ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කිරීම මාගේ කැමැත්තයි. මේ දෑ හැම කෙනකුටම විශිෂ්ට ය; වැඩදායක ය.
එබැවින්, උන්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ වෙත ළඟාවන්නන් සම්පූර්ණයෙන්, සදාතනිකව ගලවන්නට උන්වහන්සේ පොහොසත් ය. මන්ද ඔවුන් උදෙසා මැදිහත් වන්නට උන්වහන්සේ නිබඳවම ජීවත් වන සේක.
පාප ක්‍රියා කරන්නා අයිති යක්ෂයාට ය. මන්ද යක්ෂයා පටන්ගැන්මේ සිටම පව්කරන්නෙකි. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ වීමේ හේතුව, යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම ය.
ඒ සාක්ෂිය මෙයයි: දෙවියන්වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවයි; ඒ ජීවනය උන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ තිබෙන බවයි.
සිංහාසනයේ හිඳ සිටි තැනැන්වහන්සේ කතා කරමින්, “මෙන්න! මම හැම දෙයක්ම අලුත් කරන්නෙමි” යි පැවසූ සේක; තවද උන්වහන්සේ, “මෙය ලියන්න, මන්ද මේ වචන විශ්වාසනීය ය; සත්‍ය යැ” යි කී සේක.
මා ඇමතූ දේව දූතයා, “මේ වචන විශ්වාසනීය ය; සත්‍ය ය. ඉක්මනින් සිදු විය යුතු දෑතම සේවකයනට පෙන්වන පිණිස, දිවැසිවරුන්ගේ ආත්මවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම දූතයා එවූ සේකැ” යි කී ය.
ඔවුහු අලුත් ගීයක් ගැයූහ: “සුදුසුයි ඔබ පොත ගන්නට, හා එහි මුද්‍රා අරින්නට, මන්ද ඔබ මරන ලද නිසා ඔබගේ ලෙයින් වන්දි ගෙවා, හැම ගෝත්‍රයකින් හා භාෂාවකින් ද හැම ජනතාවකින් හා ජාතියකින් ද, මිනිසුන් දෙවියන්වහන්සේට මිලයට ගෙන,