Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 11:1 - සිංහල කාලීන පරිවර්තනය

1 අන්‍ය-ජාතිකයින් ද දෙවියන්වහන්සේගේ වචනය පිළිගැනීමේ පුවත අපෝස්තුලුවරුනට ද යුදය පුරා සිටින සහෝදරයිනට ද සැල විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 විජාතීන් විසින් ද දේව වචනය පිළිගනු ලැබූ බව ජුදයෙහි සිටි ප්‍රේරිතයනටත් සහෝදරයනටත් ආරංචි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 විජාතීන් විසින් ද දේව වචනය පිළිගනු ලැබූ බව ජුදයෙහි සිටි අපෝස්තුළුවරුන්ටත් සහෝදරයන්ටත් ආරංචි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 අන්‍යජාතීන් විසින්ද දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් බව යුදෙයෙහි සිටියාවූ ප්‍රෙරිතයන්ටත් සහෝදරයන්ටත් ආරංචිවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 11:1
34 හුවමාරු යොමු  

සභාව ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු පිනීකිය හා සමාරිය හරහා ගමන් ගනිමින්, අන්‍ය-ජාතීන්ගේ හැරීමේ පුවත පතළ කරමින්, එහි විසූ සියලු සහෝදරයින්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.


එහි ළඟා වූ ඔවුහු එහි සභාව රැස් කරවා, දෙවියන්වහන්සේ විසින් තමන් ලවා කරවන ලද සියල්ල ද ඇදහිල්ල කරා අන්‍ය-ජාතීන්ට මගක් හෙළිකර දුන් අයුරු ද විස්තර කළහ.


අන් ජාතීන්ට එළිදරවු වීමට එළියකි; ඔබගේ ඉශ්‍රායෙල් ජනයාට තේජසකි.”


ලෙන තුළට ඇතුළු වූ ඔවුහු එහි දකුණු පස සුදු ලෝගුවක් හැඳි තරුණයකු වාඩි වී සිටිනු දැක භීත වූහ.


මා ඔබට කියන්නේ, නැගෙනහිරින් හා බස්නාහිරින් පැමිණෙන බොහෝ දෙනකු ස්වර්ග රාජ්‍යයේ මංගල්‍ය භෝජනයට ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද සමඟ අසුන් ගන්නා


හෙරෝද් රජුගේ කාලයේ, යුදයේ බෙත්ලෙහෙමේ යේසුස්වහන්සේ උපන් පසු, මෙන්න! පෙරදිග සිට පඬිවරු යෙරුසලමට පැමිණ,


එදවස්හි එකසිය විසි දෙනකුගෙන් පමණ සමන්විත සහෝදරයින් අතරේ නැගී සිටගත් පේතෘස් කතා කරමින්,


එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයේ සිටි සහෝදරයනට සහනාධාර යැවීමට තීරණ කළහ.


අප එන වග සැල වූ එහි සහෝදරයෝ අප මුණ ගැසෙන්නට අප්පියුස් වෙළඳ සංකීර්ණය හා තානායම් තුන දක්වා අපගේ පෙර මඟට ආහ. ඔවුන් ඇස ගැසුණු කල, දෙවියන්වහන්සේට තුති පිදූ පාවුල් ධෛර්යවත් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්