Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 2:17 - සිංහල කාලීන පරිවර්තනය

17 එය ඇසුණු යේසුස්වහන්සේ, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි. මා ආවේ, පව්කරුවන් මිස ධර්මිෂ්ඨයින් කැඳවීමට නො වේ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ජේසුස් වහන්සේ ඒ අසා, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත; මා ආයේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ජේසුස් වහන්සේ ඒ අසා, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත; මා ආයේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 යේසුස්වහන්සේ ඒ අසා: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත. මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 2:17
21 හුවමාරු යොමු  

එපරිදි, පසුතැවිල්ල ඕනෑ නැති ධර්මිෂ්ඨයින් අනූනව දෙනකුට වඩා, පසුතැවිලි වන එක පව්කරුවකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන බව මම ඔබට කියමි.


මන්ද මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ, නැති වූ දේ සොයන්නටත්, ගලවන්නටත්” යැයි පැවසූ සේක.


උන්වහන්සේ අසල සිටි පරිසිවරු ඇතැම් දෙනෙක් ඒ අසා, “අපත් අන්ධයින් දැ?” යි ඇසූහ.


එපරිදිම, පසුතැවිලි වන එක පව්කරුවකු ගැන, දේව දූතයින් ඉදිරියේ ප්‍රීතියක් ඇති වග මම ඔබට කියමි” යි පැවසූ සේක.


එවිට ඔහු පියා අමතමින්, ‘බලන්න! මේ තරම් අවුරුදු ගණනක් මා ඔබට වැඩ කළා. කිසිදාක ඔබේ අණට අකීකරු වුණේ නෑ; එහෙත්, මගේ මිතුරන් හා විනෝද වීමට කිසි දවසක එක එළු පැටවකුවත් ඔබ මට දී නෑ.


සියලු දුෂ්ටකම්වලින් අප මුදනු පිණිසත්, යහපත් ක්‍රියාවන් කිරීමට උද්යෝගී, තමන් සන්තකවූත් ජනතාවක් කොට අප පවිත්‍ර කර ගනු පිණිසත් උන්වහන්සේ අප උදෙසා තමන්ම දුන් සේක.


යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලටම පසුතැවිලි වී, දෙවියන්වහන්සේ වෙත හැරෙන ලෙස හා අපගේ ස්වාමි වූ යේසුස්වහන්සේ අදහා ගන්නා ලෙස මා තදින් අනුශාසනා කළා.


උන්වහන්සේ ඔවුන් අමතමින්, “මිනිසුන් ඉදිරියේ තමන්ම ධර්මිෂ්ඨ කර ගන්නෝ ඔබයි. එහෙත් දෙවියන්වහන්සේ ඔබේ හදවත් දන්නා සේක. මන්ද මිනිසුන් අතරේ උසස් යයි සලකනු ලබන දේ, දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිකුලක් වෙයි.


“මේ කුඩාවුන්ගෙන් එකකු හෝ සුළු කොට නො තකන්ට වගබලා ගන්න. මා එසේ කියන්නේ, ඔවුන්ගේ දේව දූතයින් ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිරතුරු දකින හෙයිනි.


පළමුව දමස්කයේ සිටින්නන්ටත්, ඉන්පසු යෙරුසලමෙහි හා යුදය රට මුළුල්ලෙහි ද සිටින්නන්ටත්, එසේම විදේශීන්ටත් දේශනා කරමින්, ඔවුන් පසුතැවිලි විය යුතු වගත්, එසේ පසුතැවිලි වූ වග තම ක්‍රියා කලාපය තුළින් පෙන්විය යුතු වගත් ප්‍රකාශ කළෙමි.


ඔවුහු ඊට පිළිතුරු දෙමින්, “නුඹ අන්ත පාපයේ උපන් කෙනෙක්; නුඹ එනවා ද අපට උගන්වන්නැ” යි කියා, ඔහු පිටතට පන්නා දැමූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්