Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 19:10 - සිංහල කාලීන පරිවර්තනය

10 මන්ද මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ, නැති වූ දේ සොයන්නටත්, ගලවන්නටත්” යැයි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 මනුෂ්‍ය-පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නට ද ගළවාගන්නට ද වැඩම කළ සේකැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 මනුෂ්‍ය-පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නට ද ගළවාගන්නට ද වැඩම කළ සේකැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 19:10
17 හුවමාරු යොමු  

ඇය පුතකු බිහි කරනු ඇත. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතු ය. මන්ද ස්වකීය ජනයා ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේ යැ” යි කීවේ ය.


අප බෙලහීනව සිටියදී, නිසි කල්හි ක්‍රිස්තුස්වහන්සේ අධාර්මිකයින් උදෙසා මැරුණු සේක.


උන්වහන්සේ උත්තර දෙමින්, “මා එවනු ලැබ ඇත්තේ ඉශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණි” යි කී සේක.


එනමුත් ප්‍රීතිවීම අපට යුතුයි. මන්ද ඔබේ මේ සහෝදරයා මැරී, යළි ජීවත්ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා” යි කී සේක.


එබැවින්, උන්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ වෙත ළඟාවන්නන් සම්පූර්ණයෙන්, සදාතනිකව ගලවන්නට උන්වහන්සේ පොහොසත් ය. මන්ද ඔවුන් උදෙසා මැදිහත් වන්නට උන්වහන්සේ නිබඳවම ජීවත් වන සේක.


ඉශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතටම යන්න.


“මේ කුඩාවුන්ගෙන් එකකු හෝ සුළු කොට නො තකන්ට වගබලා ගන්න. මා එසේ කියන්නේ, ඔවුන්ගේ දේව දූතයින් ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිරතුරු දකින හෙයිනි.


මන්ද මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ, නැති වූ දේ සොයන්නටත්, ගලවන්නටත් ය.


දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලෝකයට එවුවේ, ලෝකය වරදට පත් කරන්නට නො ව, උන්වහන්සේ මඟින් ලෝකයා ගලවා ගන්නට ය.


“නොහොත්, රිදී කාසි දහයක් ඇතිව සිටියදී ඉන් එකක් නැති වුවහොත්, පහනක් දල්වා, ගෙය අතුගා, එය හමුවන තුරු හැම අස්සක, මුල්ලක එය නො සොයා ඉන්නේ කවර ස්ත්‍රිය ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්