හොෂෙයා 7:7 - Sinhala Revised Old Version ඔවුන් සියල්ලෝම උදුනක් මෙන් රත්වී, තමුන්ගේ විනිශ්චයකාරයන් නාස්තිකරති; ඔවුන්ගේ සියලු රජවරු වැටුණෝය. මට අඬගසන කෙනෙක් ඔවුන් අතරෙහි නැත. Sinhala New Revised Version “ඔව්හු ගිනි උදුනක් මෙන් කෝපයෙන් දැවී තමන්ගේ අධිපතීන් මරාදැමූ හ. රජෙකු පාසා රජෙකු බැගින් මරනු ලැබූ නමුත්, ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් අයැදුම් නොකෙළේ ය.” Sinhala New Revised Version 2018 “ඔව්හු ගිනි උදුනක් මෙන් කෝපයෙන් දැවී තමන්ගේ අධිපතීන් මරාදැමූ හ. රජෙකු පාසා රජෙකු බැගින් මරනු ලැබූ නමුත්, ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් අයැදුම් නොකෙළේ ය.” |
තවද නුවර අල්ලාගත් බව සිම්රි දුටු විට ඔහු රජගෙයි බලකොටුවට ඇතුල්වී රජගෙට ගිනිලාගෙන මෙළේය.
නුමුත් ඔම්රීට එකතුවුණ සෙනඟ ගීනත්ගේ පුත්‍රවූ තිබ්නීට එකතුවුණ සෙනඟ පරාජය කළෝය. මෙසේ තිබ්නී මෙළේය, ඔම්රී රජවුණේය.
ඔහුද: ඔවුන් පණපිටින් අල්ලාගන්නැයි කීය. ඔව්හු ඔවුන් පණපිටින් අල්ලාගෙන මනුෂ්‍යයන් සතළිස් දෙදෙනෙක්වූ ඔවුන් බැටළු ලොම් කපන්නන්ගේ ගෙය ළඟදී මැරුවෝය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඔහු ඉතුරුකළේ නැත.
තවද ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්වා, හැත්තෑ දෙනෙක් වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා, ඔහු වෙතට යෙස්‍රෙයෙල්ට යැවුවෝය.
යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට සෙනඟ ඉදිරියේ ඔහුට පහරදී මරා, ඔහු වෙනුවට රජවුණේය.
එවිට ගාදීගේ පුත්‍රවූ මෙනහෙම් තිර්ශා සිට පිටත්වී සමාරියට ඇවිත් යාබෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ට සමාරියේදී පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය.
ඔහුගේ රථාධිපතියාවූ රෙමලියාගේ පුත්‍රවූ පෙකා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මනුෂ්‍යයන් පනස්දෙනෙකුන් කැඳවාගෙන ඇවිත්, සමාරියෙහි රජගෙයි බලකොටුවේදී ඔහුටත් අර්ගොබ්ටත් අරියාටත් පහරදී මරා ඔහු වෙනුවට රජ වුණේය.
උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ විසිවෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා රෙමලියාගේ පුත්‍රවූ පෙකාට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුට පහරදී මරා ඔහු වෙනුවට රජවුණේය.
නුමුත් යේහු මුළු ශක්තියෙන් දුන්න ඇද යෝරාම්ගේ බාහු දෙක අතරට විද්දේය, ඊගහ වනාහි ඔහුගේ හෘදයෙන් පිටවුණේය, ඔහු රථයෙහි වැටුණේය.
ඈ පහළට හෙළන්නැයි ඔහු කීය. ඔව්හු ඈ පහළට හෙළුවෝය. ඇගේ ලේවලින් මදක් භිත්තියෙත් අශ්වයන් පිටත් ඉසුණේය. ඔහු ඈ පාගාගත්තේය.
නුමුත් අභක්තික සිත් ඇත්තෝ උදහස රැස්කරගනිති. උන්වහන්සේ ඔවුන් බඳිනකල ඔව්හු කන්නලව් නොකරති.
ආහාර කන්නාක්මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, ස්වාමීන්ට හඬ නොගසන්නාවූ, අයුතුකම් කරන සියල්ලන්ට කිසි දැනගැන්මක් නැද්ද?
ඔබ ඉදිරියේ කඳු දියව ගියේය. තමන් ගැන බලා සිටින අය උදෙසා ක්‍රියා කරන්නාවූ ඔබ හැර වෙන දෙවිකෙනෙක් ඇති බවක් පුරාණයේ සිට අසන්ට යෙදුණේවත් කනට වැටුණේවත් ඇසින් දකින්ට යෙදුණේවත් නැත.
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
ඔබගේ නාමය කියා යාච්ඤාකරන්නාවූ, ඔබ අල්වාගන්න පිණිස තමාම ප්‍රබෝධ කරගන්නාවූ කිසිවෙක් නැත. මක්නිසාද ඔබවහන්සේ ඔබගේ මුහුණ අපෙන් සඟවා අපේ අපරාධ නිසා අප දියව යන්ට හැරියසේක.
මා විසින් දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනගා දේශය උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට ඔවුන් අතරේ මනුෂ්‍යයෙකු සෙවීමි. නුමුත් කිසිවෙක් මට සම්බනූණේය.
මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස මේ මුළු විපත්තිය අප පිටට පැමුණුණේය. එහෙත් අපේ අයුතුකම්වලින් හැරී ඔබගේ සැබෑකම තේරුම්ගන්නා පිණිස අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අපි කන්නලව් නොකෙළෙමුව.
ඉතින් නුඹේ රජ කොතනද? ඔහු නුඹේ සියලු නුවරවලදී නුඹ ගළවාවා. නුඹේ විනිශ්චයකාරයෝ (කොතනද)? මක්නිසාද: මට රජෙකු සහ අධිපතීන් දුන මැනවයි නුඹ කීයෙහිය.
ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු, මම මාගේ ස්ථානයට හැරීයන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත.
ඉශ්‍රායෙල්ගේ පාරට්ටුවවූ දේවරූප ඔහුගේ මුහුණටම සාක්ෂිදෙයි. මේ සියල්ල මෙසේව තිබෙන නුමුත්, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ නොසෙවුවෝය.
ඔව්හු තමුන්ගේ යහන්වලදී කෑගසන විට තමුන්ගේ සිත්වලින් මට මොර නොගැසුවෝය. ඔව්හු ධාන්‍යයද මිදියුසද ගැන රැස්වී, මට විරුද්ධව කැරළිගසති.
ඔව්හු මාගේ කැමැත්ත නැතුව රජවරුන්ද මා විසින් පිළිනොගත් අධිපතීන්ද පත්කරගත්තෝය. ඔව්හු සිඳදමනු ලබන ලෙස තමුන්ගේ රන් රිදීවලින් දේවරූප සාදාගත්තෝය.
තමුන්ගේ යහන්වලදී අපරාධ යොදා නපුර පිළියෙළකරන්නන්ට දුක්වේ! පසුවදා එළිවෙන කොට ඔවුන්ගේ අතට බලය ලැබෙන නිසා ඔව්හු ඒක ඉෂ්ටකරති.