Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 7:6 - Sinhala Revised Old Version

6 මක්නිසාද ඔව්හු උදුනක් සමාන සිත් ඇතුව තමුන්ගේ ප්‍රයෝගය ඉෂ්ටකිරීමට ආවෝය. ඔවුන්ගේ රොටි-සාදන්නා මුළු රාත්‍රියෙහි නිදන්නේය; උදය ගිනිදැලක් මෙන් ඇවිළෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔවුන්ගේ සිත් කුමන්ත්‍රණ චේතනාවෙන්‍ උදුනක් මෙන් දැවෙන්නේ ය. ඔවුන්ගේ ක්‍රෝධය රෑ මුළුල්ලේ දුම් නඟිමින් ඇවිළී උදෑසන පුපුර පුපුරා ගිනි ගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔවුන්ගේ සිත් කුමන්ත්‍රණ චේතනාවෙන් උදුනක් මෙන් දැවෙන්නේ ය. ඔවුන්ගේ ක්‍රෝධය රෑ මුළුල්ලේ දුම් නඟිමින් ඇවිළී උදෑසන පුපුර පුපුරා ගිනි ගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 7:6
8 හුවමාරු යොමු  

තමුන්ගේ යහන්වලදී අපරාධ යොදා නපුර පිළියෙළකරන්නන්ට දුක්වේ! පසුවදා එළිවෙන කොට ඔවුන්ගේ අතට බලය ලැබෙන නිසා ඔව්හු ඒක ඉෂ්ටකරති.


ඔවුන් සියල්ලෝම උදුනක් මෙන් රත්වී, තමුන්ගේ විනිශ්චයකාරයන් නාස්තිකරති; ඔවුන්ගේ සියලු රජවරු වැටුණෝය. මට අඬගසන කෙනෙක් ඔවුන් අතරෙහි නැත.


ඔවුන් සියල්ලෝම කාමමිථ්‍යාචාරිකයෝය; ඔවුන් රොටි සාදන්නා විසින් රත්කළ උදුනක් මෙන්ය; ඔහු එය රත්කිරීමෙන් නවතින්නේ පිටිඇනීමේ පටන් ඒවා පිපෙන තුරු (පමණක්)ය.


මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.


ඔබ කෝපවූ කල ඔවුන් ගිනි උදුනක්මෙන් කරනසේක. ස්වාමීන්වහන්සේ තමන් උදහසින් ඔවුන් නැතිකර දමනසේක, ගින්නද ඔවුන් දවා ලන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්