Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 2:1 - Sinhala Revised Old Version

1 තමුන්ගේ යහන්වලදී අපරාධ යොදා නපුර පිළියෙළකරන්නන්ට දුක්වේ! පසුවදා එළිවෙන කොට ඔවුන්ගේ අතට බලය ලැබෙන නිසා ඔව්හු ඒක ඉෂ්ටකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 2:1
40 හුවමාරු යොමු  

ඔහු තමාගේ යහනේදී අයුතුකම යොදයි; යහපත් නුවූ මාර්ගයක හැසිරෙයි; නපුරට පිළිකුල් නොකරයි.


ප්‍රයෝගකාරයාගේ උපකරණ නපුරුය. දිළින්දා යුක්තිය කථාකරන විට පවා ඔහු බොරු වචනවලින් යටහතුන් විනාශකරන්ට දුෂ්ට උපා යොදන්නේය.


ස්වාමීන්වහන්සේට විරුද්ධව නපුර යෝජනාකරන්නාවූ, දුෂ්ටකම් ගැන මන්ත්‍රණයකරන්නාවූ කෙනෙක් නුඹෙන් නික්ම ආයේය.


කේලාම් කියන්නෝව, දෙවියන්වහන්සේට පිළිකුල්වූවෝව, නින්දාකරන්නෝව, උඩඟුවූවෝව, පාරට්ටුකරගන්නෝව, නපුරු දේවල් උපදවන්නෝව, මවුපියන්ට අකීකරුවෝව,


එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.


මක්නිසාද නුඹලාගේ අත් ලෙයින්ද නුඹලාගේ ඇඟිලි අපරාධකමෙන්ද කිලුටුවී තිබේ; නුඹලාගේ තොල් බොරු කීවේය, නුඹලාගේ දිව් දුෂ්ටකම් නික්මවන්නේය.


මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.


කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න.


නුඹලාට හිංසාකරන්ට මාගේ අතේ බලය තිබේ. එහෙත් ඊයේ රාත්‍රියේදී නුඹේ පියාගේ දෙවියන්වහන්සේ මට කථාකොට–යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක.


පහන්වූ කල යුදෙව්වරු සමාගමක් වී පාවුල් මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවුරුමකින් බැඳුණෝය.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහෙයින් මා නුඹට පාවාදුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක.


නුඹේ පුත්‍රයෝද දූවරුද අන් සෙනඟකට දෙනු ලබන්නෝය, ඔවුන් ගැන දවස මුළුල්ලේම බලා සිටීමෙන් නුඹේ ඇස් ක්ෂයවන්නේය. නුඹේ අතේ බලයෙන් කිසිවක් කළනොහැකිවන්නේය.


එබැවින්, නුඹලා ඔහුගේ කාරණා ගැන වඩා හරිලෙස විභාගකරන්ට යනවා වාගේ, හෙට නුඹලා ළඟට ඔහු ගෙනෙන ලෙස සභාව සමඟ අධිපතියාට දන්වා අරින්න. ඔහු මෙහාට ළංවෙන්ට පළමුවෙන් අපි ඔහු මරන්ට සූදානම්ව සිටිමුයයි කීවෝය.


සත්පුරුෂයා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලබයි; එහෙත් උන්වහන්සේ දුෂ්ට උපා යොදන්නා වරදට පත්කරනසේක.


නායක පූජකයෝද ලියන්නෝද මේ උපමාව ඔවුන්ට විරුද්ධව උන්වහන්සේ කී බව දැන, ඒ පැයේදීම උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය; නුමුත් සෙනඟට භයවූවෝය.


පහන්වූ කෙණෙහිම නායක පූජකයෝ වැඩිමහල්ලන්ද ලියන්නන්ද මුළු මන්ත්‍රණ සභාවද සමඟ මන්ත්‍රණයක් පවත්වා, යේසුස්වහන්සේ බැඳගෙන ගොස් පිලාත්ට භාරදුන්නෝය.


උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, මේ නුවර දුෂ්ටකම් යෝජනාකරන්නාවූ, නපුරු මන්ත්‍රණ යොදන්නාවූ මනුෂ්‍යයෝ මොව්හුය.


නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ හාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය.


එකල ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුගේ සියලු මිත්‍රයෝද ඔහුට කථාකොට: පනස් රියනක් උස ඇති එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි ඒකේ එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කථාකර, ඉන්පසු රජු සමඟ මංගල්‍යයට ප්‍රීතියෙන් පැමිණෙන්නැයි කීවෝය. ඒ කීමට හාමාන් ප්‍රසන්නව එල්ලුම් ගහ සෑදෙවුවේය.


එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කථාකොට: ඔබගේ රාජ්‍යයේ සියලු රටවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර වෙනම සිටිති; ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස්ය; ඔවුන් රජුගේ ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින් ඔවුන්ට සිටින්ට ඉඩදීම රජ්ජුරුවන්ට වටින්නේ නැත.


මිනීමරුවා එළිවෙන විටම නැගිට අසරණයාත් දිළින්දාත් මරන්නේය; රාත්‍රියේ ඔහු සොරෙකු මෙන් වේ.


නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැබෑකමද ලැබෙන්නේය.


මක්නිසාද බලාත්කාරකම් කරන්නා පහවුණේය, නින්දාකරන්නා නැතිවී යයි, අයුතුකම්කරන්ට බලා සිටින සියල්ලෝද සිඳදමනු ලැබුවෝය.


නුඹලාගේ කඩුව කෙරෙහි පිහිටා සිටින්නාවූ, පිළිකුල්කම්කරන්නාවූ, තම තමාගේ අසල්වාසියාගේ භාර්යාව අපවිත්‍රකරන්නාවූ නුඹලාට දේශය භුක්තිවිඳින්ට ලැබේද?


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි නුඹේ සිතට කාරණා පහළව, නුඹ නපුරු යෝජනාවක් කරගෙන කථාකොට–


සෙනඟ ඔවුන්ගේ කොටස්වලින් අහක්කරන හැටියට අධිපතියා ඔවුන්ගේ උරුමයෙන් කිසිවක් නොගනීවා; මාගේ සෙනඟ තම තමුන්ගේ කොටස්වලින් පන්නාදමනු නොලබන පිණිස තමාගේම කොටසෙන් තමාගේම පුත්‍රයන්ට උරුමයෙන් දේවයි කීවේය.


මක්නිසාද එහි වස්තුකාරයෝ බලාත්කාරකමෙන් පිරී සිටිති, එහි වැසියෝ බොරුකියති, ඔවුන්ගේ දිව් ඔවුන්ගේ මුඛවල වංචාකාරව තිබේ.


වැන්දඹුවට සහ පියා නැත්තාටත් විදේශියාට සහ අසරණයාටත් පීඩා නොකරන්න; නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුර යෝජනා නොකරල්ලායයි කීසේක.


ඔහුගේ භාර්යාවවූ යෙසෙබෙල්: දැන් ඉශ්‍රායෙල් රාජ්‍යය පාලනයකරන්නේ නුඹ නොවේද? නැගිට කෑම කා නුඹේ සිත ප්‍රීතිකරගන්න. මම යෙස්‍රෙයෙලිය නාබොත්ගේ මිදිවත්ත නුඹට දෙන්නෙමියි ඔහුට කීවාය.


ඔව්හු අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහිකරන්නෝය, ඔවුන්ගේ ගර්භයද ප්‍රයෝගය යොදන්නේයයි කීවේය.


ස්වාමිනි, ඔබගේ කරුණාගුණය ස්වර්ගයෙහිය; ඔබගේ විශ්වාසකම ආකාශය දක්වා පවත්නේය.


දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති. ඔව්හු උපන්තැන් පටන් බොරු කියමින් මුළාව යති.


ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ වැඩිමහල්ලන්ද ඔවුන්ගේ අධිපතීන්ද විනිශ්චයකිරීමට පැමිණෙනසේක. මිදිවත්ත කාදැමුවේ නුඹලාය; අසරණයන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ ගෙවල තිබේ.


දේශ මැද තමුන්ම පමණක් වාසය කරන පිණිස, ඉඩ නැතිවෙන තරම්, ගෙයකට ගෙයක් එකතුකරගන්නාවූ, කෙතකට කෙතක් වැඩිකරගන්නාවූ අයට දුක් වේ!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්