Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 13:10 - Sinhala Revised Old Version

10 ඉතින් නුඹේ රජ කොතනද? ඔහු නුඹේ සියලු නුවරවලදී නුඹ ගළවාවා. නුඹේ විනිශ්චයකාරයෝ (කොතනද)? මක්නිසාද: මට රජෙකු සහ අධිපතීන් දුන මැනවයි නුඹ කීයෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 නුඹලා රජ කෙනෙකු ද අධිපතීන් ද ඉල්ලුවහු ය. නුඹලා ගළවාගන්න නුඹලාගේ රජ දැන් කොහේ ද? නුඹලා ආරක්ෂා කරන්න අධිපතීහු කොහේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 නුඹලා රජ කෙනෙකු ද අධිපතීන් ද ඉල්ලුවහු ය. නුඹලා ගළවාගන්න නුඹලාගේ රජ දැන් කොහේ ද? නුඹලා ආරක්ෂා කරන්න අධිපතීහු කොහේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 13:10
26 හුවමාරු යොමු  

ඔව්හු මාගේ කැමැත්ත නැතුව රජවරුන්ද මා විසින් පිළිනොගත් අධිපතීන්ද පත්කරගත්තෝය. ඔව්හු සිඳදමනු ලබන ලෙස තමුන්ගේ රන් රිදීවලින් දේවරූප සාදාගත්තෝය.


සැබවින් ඔව්හු දැන් කථාකොට: අපට රජෙක් නැත. මක්නිසාද අපි ස්වාමීන්වහන්සේ කෙරෙහි භය නැත්තෙමුව; රජු අපට මක්කරනවා ඇද්දැයි කියන්නෝය.


නතානියෙල් උන්වහන්සේට උත්තරදෙමින්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය; ඔබ ඉශ්‍රායෙල්වරුන්ගේ රජ්ජුරුවෝයයි කීවේය.


ස්වාමීන්වහන්සේ මුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත. ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ පමණක්ම දෙවිව සිටිනවා ඇත, උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේය.


නුමුත් මම මිසර දේශයේ පටන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේව සිටිමි; මා ඇර අන්‍ය දෙවි කෙනෙකු ඇඳින නොගන්න, මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.


බලව, ස්වාමීන්වහන්සේ සියොන්හි නැද්ද? ඇගේ රජ්ජුරුවෝ ඈ තුළෙහි නැද්දැයි අසන මාගේ දියණිය වන සෙනඟගේ විලාප හඬ ඉතා දුර දේශයකින් ඇසෙන්නේය. ඔව්හු තමුන්ගේ කැපූ පිළිමවලින්ද අන්‍යයන්ගේ නිෂ්ඵල රූපවලින්ද කුමට මා කෝපකළෝද?


නුමුත් නුඹ සාදාගත් දෙවිවරු කොයිද? නුඹේ විපත්ති කාලයේදී නුඹ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, නුඹේ නුවරවල ගණනට නුඹට දෙවිවරු සිටිති.


මම නුඹලාගේ ශුද්ධ තැනන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ මැවුම්කාරයාද නුඹලාගේ රජද වන ස්වාමීන්වහන්සේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේම අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගළවනසේක.


ඉශ්‍රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා.


මක්නිසාද අපේ පලිහ ස්වාමීන්ටත් අපේ රජ්ජුරුවන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේටත් අයිතිය.


පොළෝ මැද ගැළවීම සිදුකරන දෙවියන්වහන්සේ පුරාතන සිට මාගේ රජ්ජුරුවෝය.


දෙවියන්වහන්ස, ඔබ මාගේ රජ්ජුරුවෝය. යාකොබ්ට මිදීම වේවයි අණකළ මැනව.


ස්වාමීන්වහන්සේ සදාකාලයටම රජ්ජුරුවෝය. ජාතීහු උන්වහන්සේගේ දේශයෙන් විනාශවූවෝය.


නුමුත් හෝෂෙයා මිසරයේ සෝ රජු ළඟට පණිවිඩකාරයන් යැවූ නිසාත් අවුරුදුපතා කළ හැටියට අෂූර්හි රජුට කප්පන් ගෙනක් නුදුන් නිසාත් ඔහු කුමන්ත්‍රණය කළ බව අෂූර්හි රජ දැනගෙන ඔහු හිර අඩස්සිකොට බැන්දේය.


යෙරොබොවම් නැවත ආ බව සියලු ඉශ්‍රායෙල්වරු අසා සභාවට ඔහු ගෙන්වාගන සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකොට පත්කළෝය. යූදා ගෝත්‍රයම මිස දාවිත්ගේ වංශය අනුව ගියාවූ වෙන කිසිවෙක් නොවීය.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.


ඔවුන් සියල්ලෝම උදුනක් මෙන් රත්වී, තමුන්ගේ විනිශ්චයකාරයන් නාස්තිකරති; ඔවුන්ගේ සියලු රජවරු වැටුණෝය. මට අඬගසන කෙනෙක් ඔවුන් අතරෙහි නැත.


ස්වාමීන්වහන්සේද: සෙනඟ නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. මක්නිසාද ඔව්හු නුඹ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය.


ඔහුගේ සෙවණෙහි ජාතීන් අතරේ අපට ජීවත්වෙන්ට ලැබේයයි අප කීවාවූ, අපගේ නාසයේ හුස්ම වැනිවූ, ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ ඔවුන්ගේ වළවල අසුවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්