ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය.
හොෂෙයා 10:8 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල්ගේ පාපය වන ආවෙන්හි උස්තැන්ද නාස්තිවෙයි. කටු සහ ගොකටු ඔවුන්ගේ පූජාසනවල හටගන්නවා ඇත. ඔවුන්: අප වසාගන්නැයි කඳුවලටත්, අප පිටට වැටෙන්නැයි හෙල්වලටත් කියනවා ඇත. Sinhala New Revised Version ඉශ්රායෙල් සෙනඟගේ පාපය වන ගිරිකුළු දේවාල වනසනු ලබනවා ඇත. කටු හා ගොකටුවලින් ඔවුන්ගේ පූජාසන වැසී යන්නේ ය. ‘අප සඟවා ගන්නැ’යි කඳුවලටත්, ‘අප පිට වැටේ වා’යි හෙල්වලටත් සෙනඟ කියනු ඇත.” Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් සෙනඟගේ පාපය වන ගිරිකුළු දේවාල වනසනු ලබනවා ඇත. කටු හා ගොකටුවලින් ඔවුන්ගේ පූජාසන වැසී යන්නේ ය. ‘අප සඟවා ගන්නැ’යි කඳුවලටත්, ‘අප පිට වැටේ වා’යි හෙල්වලටත් සෙනඟ කියනු ඇත.” |
ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය.
ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට පූජාසනයට විරුද්ධව මොරගසා: එම්බා පූජාසනය, පූජාසනය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–යොසියා නම්වූ පුත්‍රයෙක් දාවිත්ගේ වංශයට ඉපිද, නුඹ පිට සුවඳ දුම් ඔප්පුකරන උස් තැන්වල පූජකයන් නුඹ පිට පූජාකරන්නේය, මිනී ඇටද නුඹ පිට දවනු ලබන්නේයයි කියනසේකැයි කීවේය.
මේ කාරණය වනාහි යෙරොබොවම්ගේ වංශය සිඳ දමා පොළෝතලයෙන් විනාශකිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.
යෙරොබොවම් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පාපවල් නිසා උන්වහන්සේ ඉශ්‍රායෙල් අත්හැර දමනවා ඇතැයි කීවේය.
තවද බෙතෙල්හි තිබුණ පූජාසනයද ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් සෑදූ උස්තැනද වන පූජාසනයත් උස්තැනත් ඔහු කඩා දමා, උස්තැන පුලුස්සා දමා කුඩුකර, අෂේරා පිළිමයද පුලුස්සාදැමුවේය.
මේ සියල්ල නිමවූ කල එහි සිටි සියලු ඉශ්‍රායෙල්වරු යූදාහි නුවරවලට ගොස් රූපස්තම්භ බිඳදමා, අෂේරා කණු කපාදමා, මුළු යූදාගෙන්ද බෙන්යමින්ගෙන්ද එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද උස්තැන් සහ පූජාසන නැතිවීයන තුරු ඒවා කඩාදැමුවෝය. ඉන්පසු සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ නුවරවල තම තමුන්ගේ උරුම දේශවලට හැරී ගියෝය.
පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් පොළොවේ කූපවලටත් ඔව්හු ඇතුල්වන්නෝය.
මනුෂ්‍යයෝ නමස්කාරකිරීමට සාදවාගත් තමුන්ගේ රිදී පිළිමද රන් පිළිමද මීයන්ටත් වවුලන්ටත් අත්හැර දමා යන්නෝය.
මාගේ සෙනඟගේ බිම්වල කටුද ගොකටුද හටගන්නේය; ප්‍රීතිමත් නගරයේ සියලුම ප්‍රිය ගෙවල්වල පවා එසේ වන්නේය.
ඒකේ මාළිගාවල කටුද ඒකේ බලකොටුවල කසඹිලියා සහ ගොකටුද හැදෙන්නේය. ඒක සිවලුන්ට වාසයක්ද පැස්බරුන්ට මළුවක්ද වන්නේය.
ඔවුන්ගේ සිත බෙදී තිබේ; දැන් ඔවුන් අච්චුවිඳිනවා ඇත. උන්වහන්සේම ඔවුන්ගේ පූජාසන පෙරළාදමා, ඔවුන්ගේ රූපස්තම්භ නාස්තිකරනසේක.
සමාරියේ වැසියෝ බෙත්-ආවෙන්හි වස්සන් නිසා භයින් සිටින්නෝය. මක්නිසාද උගේ සෙනඟ ඌ ගැන වැලපෙන්නෝය, උගේ තේජස උගෙන් පහවගිය බැවින් උගේ කපුවෝ ඌ ගැන වෙවුලන්නෝය.
අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද?
එබැවින් නුඹේ මාර්ගය කටුවලින් අහුරන්නෙමි, ඇගේ මාවත් ඈට සොයාගන්ට බැරිවන ලෙස තාප්පයක් ගොඩනගන්නෙමි.
ඔව්හු කඳු මුදුන්වල යාග කරති, හෙල් උඩ අලෝනද ලිබ්නාද ඒලාද යන ගස්වල සෙවණ හොඳ නිසා ඒවා යට සුවඳ දුම්ද ඔප්පුකරති. එබැවින් නුඹලාගේ දූවරු වේශ්‍යාකම් කරති, නුඹලාගේ යෙහෙළියෝද කාමමිථ්‍යාචාරයකරති.
එම්බා ඉශ්‍රායෙල්, නුඹ වේශ්‍යාකම්කරන නුමුත් යූදා වරද නොකෙරේවා. ගිල්ගල්ට නොපැමිණෙන්න, බෙතාවෙන්ට නොයන්න, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා නොදිවුරන්න.
ගිබියාහි හොරණෑවක්ද රාමාහි නළාවක්ද පිඹින්න. බෙත්-ආවෙන්හි ඝෝෂාකරන්න; අහෝ බෙන්යමින්, [සතුරා] නුඹ පස්සෙන්ය.
එම්බා සමාරිය, නුඹේ වස්සා මට පිළිකුළක්ය; මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී තිබේ. ඔවුන් නිදොස් බවට පැමිණෙන්ට කොපමණ කල් යනවා ඇද්ද?
මක්නිසාද ඔව්හු විනාශය වෙතින් ඉවත්ව ගියෝය, නුමුත් මිසරය ඔවුන් එකතුකරගන්නේය, මෙම්පිස්හි ඔව්හු වළලනු ලබන්නෝය. ඔවුන්ගේ ප්‍රියවූ රිදී බඩු කහඹිලියාවලට හිමිවන්නේය. ගොකටුද ඔවුන්ගේ කූඩාරම්වල හැදෙන්නේය.
මම දමස්කයේ අගුල බිඳ, වැසියා ආවෙන්හි මිටියාවතෙන්ද, ජයකොන්තය අල්ලන්නා ඒදන් වංශයෙන්ද සිඳදමන්නෙමි. අරාම්හි වැසියෝ වහල්කමට කීර්ට යන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද මා විසින් ඉශ්‍රායෙල්ගේ වරද නිසා ඔවුන්ට දඬුවම්කරන දවසේදී බෙතෙල්හි පූජාසනවලටත් දඬුවම් කරන්නෙමි, පූජාසනයේ අංද කපාදමනු ලැබ බිමට වැටෙන්නේය.
ඊසාක්ගේ උස්තැන් නාස්තිවන්නේය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධස්ථාන පාළුවන්නේය; මම යෙරොබොවම්ගේ වංශයට විරුද්ධව කඩුවක් ඇතුව නැගිටින්නෙමියි කීසේක.
ශෝභන කන්‍යාවෝද තරුණයෝද ඒ කාලයේදී පිපාසායෙන් ක්ලාන්තවී, නැවත නොනැගිටින හැටියට වැටෙන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
අහෝ ලාකීෂ්හි වාසයකරන්නිය, ශීඝ්‍ර අශ්වයා රථයේ බඳින්න. ඈ වනාහි සියොන් දුවට පාපයේ පටන්ගැන්මය; මක්නිසාද ඉශ්‍රායෙල්ගේ වරද නුඹ තුළ සම්බවිය.
මේ සියල්ල වන්නේ යාකොබ්ගේ වරද සහ ඉශ්‍රායෙල් වංශයේ පාපවල් නිසාය. යාකොබ්ගේ වරද මොකද? සමාරිය නොවේද? යූදාහි උස්තැන් මොනවාද? යෙරුසලම නොවේද?
ඒ කාලයේදී ඔව්හු කඳුවලට කථාකොට: අප පිට වැටෙන්න; හෙල්වලට: අප වසාගන්නැයි කියන්ට පටන්ගන්නෝය.
නුඹලාගේ පාපය වන නුඹලා සෑදු වස්සා මම අරගන ගින්නෙන් පුලුස්සා දමා, කොටා, ධූලි මෙන් පොඩිවෙන තුරු අඹරා, ඒකේ කුඩු කන්දෙන් ගලාගන ආ ඔයේ හෙළිමි.
ඔව්හු කඳුවලටත් පර්වතවලටත් කථාකොට: අප පිට වැටී, සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පැටවාණන්ගේ උදහසිනුත් අප සඟවාගන්න.
ඒ දවස්වලදී මනුෂ්‍යයෝ මරණය සොයන්නෝය, නුමුත් කිසිසේත් එය සම්බනොවන්නේය; මැරෙන්ට ආශාවන්නෝය, එහෙත් මරණය ඔවුන් කෙරෙන් පලායන්නේය.