Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 9:21 - Sinhala Revised Old Version

21 නුඹලාගේ පාපය වන නුඹලා සෑදු වස්සා මම අරගන ගින්නෙන් පුලුස්සා දමා, කොටා, ධූලි මෙන් පොඩිවෙන තුරු අඹරා, ඒකේ කුඩු කන්දෙන් ගලාගන ආ ඔයේ හෙළිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මම ද ඔබේ පාපිෂ්ට දේ වන ඔබ සැදූ වස්සා ගෙන, ගින්නෙන් දවා පුළුස්සා, කොටා, දූවිලි හා සමාන කුඩක් වන තෙක් ඌ හොඳට අඹරා, ඒ දූවිලි කන්දෙන් ගලා ගිය දිය පාරට දැමීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 මම ද ඔබේ පාපිෂ්ට දේ වන ඔබ සැදූ වස්සා ගෙන, ගින්නෙන් දවා පුළුස්සා, කොටා, දූවිලි හා සමාන කුඩක් වන තෙක් ඌ හොඳට අඹරා, ඒ දූවිලි කන්දෙන් ගලා ගිය දිය පාරට දැමීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 9:21
9 හුවමාරු යොමු  

ඔහු ඔවුන් විසින් සෑදූ වස්සා ගෙන ගින්නෙන් දවා දූවිලි වෙන තුරු කුඩුකර ඒවා වතුර පිට ඉස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට බොන්ට සැලැස්සුවේය.


මක්නිසාද පාපයක් වන ලෙස නුඹලාගේ අත්වලින් නුඹලා සාදාගත්තාවූ නුඹලාගේ රිදී රූපද රන් රූපද ඒ දවසෙහි ඔවුන් එකිනෙකා අහක දමනවා ඇත.


පව් කිරීම පිණිස එප්‍රායිම් පූජාසන වැඩිකරගත් බැවින් පූජාසන ඔහුට පව්කරන පිණිස විය.


නුඹේ කැපූ රූපවල රිදී වැස්මත් නුඹේ වාත්තු රූපවල රන් වැස්මත් නුඹලා අපවිත්‍රකරන්නහුය. නුඹ ඒවා කිලුටුකමක් කොට විසුරුවා දමා: අහක්වෙවයි ඊට කියන්නෙහිය.


ස්වාමීන්වහන්සේ ආරොන්ද විනාශකරන පිණිස ඔහුට විරුද්ධව ඉතා උදහස්ව සිටිසේක. මම ඒ ප්‍රස්තාවේදී ආරොන් උදෙසාත් යාච්ඤා කෙළෙමි.


එහි කැපූ රූප සියල්ල පොඩිකරනු ලබනවා ඇත, එහි පණයම් සියල්ලම ගින්නෙන් දවනු ලබනවා ඇත, එහි දේවරූප සියල්ලද නාස්තිකරන්නෙමි. මක්නිසාද ඈ වේශ්‍යාවෙකුගේ පණයම්වලින් ඒවා එක්කරගත්තාය; ඒවා වනාහි වේශ්‍යාවෙකුගේ පණයම්වලට හැරෙනවා ඇත.


තමාගේ මවුවූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඈ මව් බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟදී පුලුස්සාදැමුවේය.


ඔහු ඉශ්‍රායෙල් දේශය මුළුල්ලෙහි තිබුණ පූජාසන කඩාදමා, අෂේරා කණුද කැපූ රූපද බිඳදමා, කුඩුකර, සියලු සූර්ය–රූප කපාදමා, යෙරුසලමට හැරීආයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්