Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 10:5 - Sinhala Revised Old Version

5 සමාරියේ වැසියෝ බෙත්-ආවෙන්හි වස්සන් නිසා භයින් සිටින්නෝය. මක්නිසාද උගේ සෙනඟ ඌ ගැන වැලපෙන්නෝය, උගේ තේජස උගෙන් පහවගිය බැවින් උගේ කපුවෝ ඌ ගැන වෙවුලන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 “සමාරිය වැසියෝ බෙත්-ආවෙන්‍හි වහු පිළිමය නිසා වෙවුලමින් සිටිති. ඔව්හු දුක් වන්නෝ ය. ඔවුන්ගේ කපුවෝ ද රන් වහු පිළිමයේ අලංකාරය පහකරනු ලැබූ නිසා හඬා වැලපෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 “සමාරිය වැසියෝ බෙත්-ආවෙන්‍හි වහු පිළිමය නිසා වෙවුලමින් සිටිති. ඔව්හු දුක් වන්නෝ ය. ඔවුන්ගේ කපුවෝ ද රන් වහු පිළිමයේ අලංකාරය පහකරනු ලැබූ නිසා හඬා වැලපෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 10:5
20 හුවමාරු යොමු  

ඉපදීමක්වත් ගැබ්ගැනීමක්වත් පිළිසිඳීමක්වත් නොවන හැටියට එප්‍රායිම්ගේ තේජස කුරුල්ලෙකු මෙන් ඉගිලීයන්නේය.


ගිබියාහි හොරණෑවක්ද රාමාහි නළාවක්ද පිඹින්න. බෙත්-ආවෙන්හි ඝෝෂාකරන්න; අහෝ බෙන්යමින්, [සතුරා] නුඹ පස්සෙන්ය.


එම්බා ඉශ්‍රායෙල්, නුඹ වේශ්‍යාකම්කරන නුමුත් යූදා වරද නොකෙරේවා. ගිල්ගල්ට නොපැමිණෙන්න, බෙතාවෙන්ට නොයන්න, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා නොදිවුරන්න.


යූදාහි නුවරවලද යෙරුසලම වටකරද තිබුණු උස් තැන්වල සුවඳ දුම් ඔප්පු කරන පිණිස යූදාහි රජුන් විසින් පත්කරනලද කපුවන්ද බාල්ට සහ ඉර සඳටත් ග්‍රහතාරකාවලට සහ මුළු අහස් සේනාවටත් සුවඳ දුම් ඔප්පු කළ කපුවන්ද ඔහු පහකෙළේය.


දැන් ඔවුන් තව තව පව්කරමින්, පිළිම වන දේවරූප තමුන්ගේ ඥානයේ හැටියට තමුන්ගේ රිදීවලින් සාදාගන තිබේ, ඒ සියල්ල කම්කරුවාගේ වැඩය. පූජාකරන මනුෂ්‍යයෝ වස්සන් සිඹගනිත්වයි ඔව්හු ඒවා ගැන කියති.


එහෙයින් අපගේ මේ කර්මාන්තය සුළු බවට පැමිණෙන්ට පුළුවන්වා පමණක් නොව, මුළු ආසියාවත් ලෝකයත් නමස්කාරකරන්නාවූ මහත් දේවතාවී වූ අර්තෙමිස්ගේ මාළිගාව අගෞරවයට පත්වීමද ඇගේ මහන්තත්ත්වය පවා පහවීයාමද වෙන්ට පුළුවනැයි කීවෝය.


තවද මම යූදාටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මාගේ අත දිගුකරන්නෙමි; බාල්ගේ ඉතිරි පංගුවද, පූජකයන් සමඟ කපුවන්ගේ නාමද,


තවද ඔහු තමා විසින් සෑදූ උස්තැන්වලටත් එළුවන්ටත් වස්සන්ටත් පූජකයන් පත්කරගත්තේය.


ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තුකළ පිළිම වන වස්සන් දෙන්නෙක්ද අෂේරා කණුවක්ද සාදාගන, මුළු අහස් සේනාවට නමස්කාරකරමින්, බාල්ට සේවයකළෝය.


එසේවී නුමුත් බෙතෙල්හිද දාන්හිද තිබුණ රන් වස්සන් කරණකොටගෙන ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් යේහු අහක්නොවීය.


ඔහු උත්තරදෙමින්: මා සෑදූ මාගේ දේවතාවන් සහ පූජකයාද නුඹලා ගෙනගියහුය, තවත් මට ඇත්තේ කිමෙක්ද? නුඹට වෙලා තිබෙන්නේ මොකද කියා නුඹලා මාගෙන් අසන්නේ කොහොමදැයි කීවේය.


තවද යෝෂුවා යෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන් ළඟවූ හායිට යෙරිකෝවේ සිට මනුෂ්‍යයන් යවමින්: නුඹලා නැගී ගොස් දේශය සෝදිසිකරගන එන්නැයි ඔවුන්ට කීවේය. ඒ මනුෂ්‍යයෝ නැගී ගොස් හායි සෝදිසිකරගන,


දැන් නුඹලා දාවිත්ගේ පුත්‍රයන් අතේ තිබෙන ස්වාමීන්වහන්සේගේ රාජ්‍යයට විරුද්ධව සිටින්ට කල්පනාකරන්නහුය; නුඹලා මහත් සමූහයක්ය, දෙවිවරුන් කොට යෙරොබොවම් නුඹලාට සාදාදුන් රන් වස්සොත් නුඹලා සමඟ වෙති.


ඒ දෙවිවරු එක්ව නැමී පහත්වෙති; ඒ බර ගළවාගන්ට නොහැකිව, තුමූම වහල්කමට ගොස් සිටිති.


එම්බා ඉශ්‍රායෙල්, ජාතීන් මෙන් අධිකලෙස ප්‍රීති නොවන්න; මක්නිසාද නුඹේ දෙවියන්වහන්සේගෙන් නුඹ වේශ්‍යාලෙස අහක්වුණෙහිය, නුඹ සියලු කමත්වල පණයම් ලබන්ට ආශාවූයෙහිය.


මක්නිසාද මා විසින් ඉශ්‍රායෙල්ගේ වරද නිසා ඔවුන්ට දඬුවම්කරන දවසේදී බෙතෙල්හි පූජාසනවලටත් දඬුවම් කරන්නෙමි, පූජාසනයේ අංද කපාදමනු ලැබ බිමට වැටෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්