ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හෙබ්‍රෙව් 7:5 - Sinhala Revised Old Version

පියවූ ආබ්‍රහම් පවා කොල්ලගත් දේවලින් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක තනතුර ලබන්නෝ ව්‍යවස්ථාව ලෙස සෙනඟගෙන්–එනම්, ආබ්‍රහම්ගෙන් පැවත ආවාවූ තමුන්ගේ සහෝදරයන්ගෙන් පවා–දසයෙන් කොටසක් ගන්ට ආඥාවක් ලැබ සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ආදි පිතෘවර ආබ්‍රහම් පවා තමා පැහැරගත් දෙයින් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක පදවිය ලබන්නෝ ව්‍යවස්ථාව අනුව ජනතාවගෙන්, එනම්, ආබ්‍රහම්ගෙන් පැවත එන සිය සොහොයුරන්ගෙන් පවා, දසයෙන් කොටස ගන්නට බලය ලැබ සිටිති.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

තමන්ගේ සහෝදරයින් වූ සෙසු ජනයා ද ආබ්‍රහම්ගෙන් පැවත එන්නන් වුව ද, ඔවුන්ගෙන් දසයෙන් කොටසක් ලැබීමට ලෙවීගෙන් පැවත එන, පූජකත්වය ලැබූවන්ට දහම් නීතියෙන් නියමිත ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ආදි පිතෘවර ආබ්‍රහම් පවා තමා පැහැරගත් දෙයින් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක පදවිය ලබන්නෝ ව්‍යවස්ථාව අනුව ජනතාවගෙන්, එනම්, ආබ්‍රහම්ගෙන් පැවත එන සිය සොහොයුරන්ගෙන් පවා, දසයෙන් කොටස ගන්නට බලය ලැබ සිටිති.

පරිච්ඡේදය බලන්න



හෙබ්‍රෙව් 7:5
15 හුවමාරු යොමු  

තවද දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය. සඵලවෙමින් වර්ධනය වෙන්න; නුඹෙන් ජාතියක්ද ජාති සමූහයක්ද ඇතිවන්නෝය, නුඹේ කටියෙන් රජවරු නික්මෙන්නෝය;


යාකොබ්ගේ පුත්‍රයන්ගේ භාර්යාවන් හැර යාකොබ්ගේ කටියෙන් නික්මුණාවූ, ඔහු සමඟ මිසරයට පැමිණියාවූ සියල්ලෝ සැට සදෙනෙක්ය.


එසේවී නුමුත් නුඹ ඒ ගෘහය ගොඩ නොනගන්නෙහිය; නුඹේ කටියෙන් නික්මෙන නුඹේ පුත්‍රයාම මාගේ නාමයට ගෘහය ගොඩනගන්නේයයි කීසේක.


ලෙවීවරුන්ගේ කොටස් ඔවුන්ට නුදුන් බවද වැඩපළ කරන ලෙවීවරුන්ද ගීතිකාකාරයන්ද තම තමුන්ගේ කෙත්වලට පලාගිය බවද දැක,


යාකොබ්ගේ කටියෙන් උපන් සියල්ලෝ සැත්තෑ දෙනෙක්ය. යෝසෙප් මිසරයට ගොස් සිටියේය.


නුඹේ සහෝදරවූ ආරොන්ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන්ද මට පූජකකම් කරන පිණිස, ආරොන්ද ඔහුගේ පුත්‍රයන්වූ නාදාබ්ද අබීහූද එලෙයාසර්ද ඊතාමර්ද ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් නුඹ ළඟට කැඳවාගන්න.


නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද පූජාසනයේ සියලු දේ ගැනත් තිරයට ඇතුළත තිබෙන දේ ගැනත් නුඹලාගේ පූජකකම පවත්වමින් මෙහෙකරන්න. මම පූජකකම ත්‍යාග සේවයක් කොට නුඹලාට දෙමි. නුමුත් ළංවන අන්‍යයා මරනු ලබන්නේයයි කීසේක.


දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තුන්වෙනි අවුරුද්දේදී නුඹේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම නුඹ වෙන්කර තීන්දුකළ කල්හි, ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ නුවර දොරටු තුළදී කා තෘප්තියට පැමිණෙන පිණිස ඒවා ඔවුන්ට දී,


තවද ආරොන් මෙන් දෙවියන්වහන්සේ විසින් කැඳවාගන්න අය මිස වෙන කවුරුවත් ඒ ගෞරවය තමාටම නොගන්නේය.


මක්නිසාද මෙල්කිසදෙක් ආබ්‍රහම්ට සම්මුඛවූ විට, ලෙවී තමාගේ පියාගේ කටියේ සිටියේය.