Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:1 - Sinhala Revised Old Version

1 නුඹේ සහෝදරවූ ආරොන්ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන්ද මට පූජකකම් කරන පිණිස, ආරොන්ද ඔහුගේ පුත්‍රයන්වූ නාදාබ්ද අබීහූද එලෙයාසර්ද ඊතාමර්ද ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් නුඹ ළඟට කැඳවාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:1
33 හුවමාරු යොමු  

නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද පූජාසනයේ සියලු දේ ගැනත් තිරයට ඇතුළත තිබෙන දේ ගැනත් නුඹලාගේ පූජකකම පවත්වමින් මෙහෙකරන්න. මම පූජකකම ත්‍යාග සේවයක් කොට නුඹලාට දෙමි. නුමුත් ළංවන අන්‍යයා මරනු ලබන්නේයයි කීසේක.


යොහානාන්ට දාව අසරියාද උපන්නෝය. (සාලමොන් විසින් යෙරුසලමේ ගොඩනැගූ ගෘහයෙහි පූජක තනතුර ඉෂ්ටකළේ ඔහුය.)


(ඉශ්‍රායෙල් පුත්‍රයෝ බීරොත් බෙනෙ-යාකන්හි සිට මොසේරාට පිටත්ව ගියෝය. එහිදී ආරොන් මැරී එහි තැන්පත් කරනු ලැබුවේය; ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් ඔහු වෙනුවට පූජක තනතුරේ මෙහෙය ඉෂ්ට කෙළේය.


නාදාබ් සහ අබීහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි නැසුණෝය.


ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ සැත්තෑ හාරදාස් හසියයක්ය.


මෝසෙස් ආරොන්ටත් ඔහුගේ ඉතිරිව සිටි පුත්‍රයන් වූ එලෙයාසාර් සහ ඊතාමාර්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් ඉතුරුව තිබෙන ආහාර පූජාව රැගෙන පූජාසනය ළඟදී මුහුන් නැතුව කන්න. මක්නිසාද එය අති ශුද්ධය.


ආරොන්ගේ පුත්‍රයෝවූ නාදාබ් සහ අබිහු තම තමාගේ ධූම භාජනය රැගෙන එහි ගිනි බහා ඒ පිට සුවඳ ද්‍රව්‍ය දමා ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණනොකළාවූ අන්‍ය ගින්නක් උන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.


ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද වස්ත්‍රද ආලේප තෙල්ද පාප පූජාවට ගොනාද බැටළුවන් දෙදෙනාද මුහුන් නොදැමූ රොටි පැසද රැගෙන,


ශුද්ධ ස්ථානයෙහි සේවය පිණිස පූජකයාවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද වන පූජකකම් කිරීමට අඳින සියුම්ව සාදනලද වස්ත්‍රද යන මේවායයි කීවේය.


විසිතුරුකළ වස්ත්‍රද පූජක තනතුරෙහි මෙහෙකිරීමට පූජකවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද,


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ආලේප කොට විශුද්ධකරන්න.


මම සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද විශුද්ධකරන්නෙමි. පූජක තනතුරෙහි මට මෙහෙ කරන පිණිස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ද විශුද්ධ කරන්නෙමි.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට ඉඟපටිද දමා ඔවුන්ට හිස වැසුම් බඳින්න. නිරන්තර පනතකින් පූජක තනතුර ඔවුන්ට වන්නේය. මෙසේ නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පත්කරන්න.


පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන් විශුද්ධකරන්ට නුඹ විසින් ඔවුන්ට කළ යුතු දේ මේය. පළුදුවක් නැති එක නාඹ ගොනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද,


ඒවා නුඹේ සහෝදරවූ ආරොන්ටද ඔහු හා සමඟ ඔහුගේ පුත්‍රයන්ටද පළඳවන්න; ඔවුන් පූජක තනතුරෙහි මට සේවයකරන පිණිස ආලේපකර කැපකර විශුද්ධකරන්න.


එකල මෝසෙස්ද ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද නැගී ගොස්,


උන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: නුඹ සහ ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද ස්වාමීන්වහන්සේ වෙතට කන්දට ඇවිත් දුරින් සිට නමස්කාරකරන්න.


ආරොන් අම්මිනාදබ්ගේ දූවූ, නාෂොන්ගේ සහෝදරීවූ එලිෂෙබා භාර්යාවකොට පාවාගත්තේය; ඈ ඔහු නිසා නාදාබ්ද අබිහුද එලෙයාසර්ද ඊතාමර්ද බිහිකළාය.


තවද ඔහු තමාගේ පංතියේ ක්‍රමය ලෙස දෙවියන්වහන්සේ ඉදිරියෙහි පූජක මෙහෙය කරන කල,


මක්නිසාද යෙරොබොවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක්කළ නිසා, ඔව්හු තමුන්ගේ පිට-බිම්ද තමුන්ගේ උරුමයද අත්හැර යූදාටත් යෙරුසලමටත් ආවෝය.


ඔහු මාගේ පූජාසනය පිට පූජා ඔප්පුකරන පිණිසද සුවඳ දුම් ඔප්පු කරන පිණිසද මා ඉදිරියෙහි ඒඵොද් සැට්ටය අඳින පිණිසද මාගේ පූජකයා කොට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මම ඔහු තෝරා නොගතිම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ඔප්පුකරන සියලු ගිනි පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම්ද?


අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස්ය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද ඉතා ශුද්ධදේ කැපකරන පිණිසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත් උන්වහන්සේට සේවයකරන පිණිසත් සෑම කල්හිම උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාදකරන පිණිසත් හැම කලටම වෙන්කරනු ලැබුවෝය.


උන්වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන්නන් අතරේ සාමුවෙල්ද ස්වාමීන්ට යාච්ඤාකළෝය, උන්වහන්සේද ඔවුන්ට උත්තරදුන්සේක.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක තනතුරෙහි ස්වාමීන්වහන්සේට මෙහෙකරන පිණිස මෝසෙස් ඔවුන් ගෙනා දවසෙහි ගින්නෙන් කළ පූජාවලින් ඔවුන්ට ලැබෙන හැටියට නියමවූ කොටස මේකය;


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සහ ඔහුගේ පුත්‍රයන්ද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෑම කල්හිම සේවයකිරීමට සිටින පිණිස නුඹේ සියලු ගෝත්‍රවලින් ඔහු තෝරාගත්සේක.


ඔහු එල්කානාගේ පුත්‍රයාය, ඔහු යෙරොහාම්ගේ පුත්‍රයාය, ඔහු එලියෙල්ගේ පුත්‍රයාය, ඔහු තෝවාගේ පුත්‍රයාය;


එම්බා ආරොන්ගේ වංශය, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්