Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 46:26 - Sinhala Revised Old Version

26 යාකොබ්ගේ පුත්‍රයන්ගේ භාර්යාවන් හැර යාකොබ්ගේ කටියෙන් නික්මුණාවූ, ඔහු සමඟ මිසරයට පැමිණියාවූ සියල්ලෝ සැට සදෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ජාකොබ්ගේ පුත්‍රයන්ගේ භාර්යාවන් හැර, ඔහුට දාව උපන්, ඔහු සමඟ මිසරයට ගිය අයගේ මුළු ගණන හැටහයදෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ජාකොබ්ගේ පුත්‍රයන්ගේ භාර්යාවන් හැර, ඔහුට දාව උපන්, ඔහු සමඟ මිසරයට ගිය අයගේ මුළු ගණන හැටහයදෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 46:26
7 හුවමාරු යොමු  

යාකොබ්ගේ කටියෙන් උපන් සියල්ලෝ සැත්තෑ දෙනෙක්ය. යෝසෙප් මිසරයට ගොස් සිටියේය.


ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ සැත්තෑදෙනෙක් වූහ. මක්නිසාද ඔහුට බොහෝ භාර්යාවෝ සිටියෝය.


තවද දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය. සඵලවෙමින් වර්ධනය වෙන්න; නුඹෙන් ජාතියක්ද ජාති සමූහයක්ද ඇතිවන්නෝය, නුඹේ කටියෙන් රජවරු නික්මෙන්නෝය;


එකල යෝසෙප් හැත්තෑ පස්දෙනෙක් වන ස්වකීය පියවූ යාකොබ්ද තමාගේ සියලු නෑයන්ද තමා වෙතට කැඳවා හැරියේය.


එවිට යාකොබ් සිමියොන්ටත් ලෙවීටත් කථාකොට: දේශයේ වැසියන්වූ කානානිවරුන් සහ පෙරිස්සිවරුන් විසින් මා නුරුස්සනු ලබන්ට සැලැස්වීමෙන් නුඹලා මා හිරිහැරයට පත්කළහුය. ගණනින් ස්වල්පවූ මට විරුද්ධව ඔවුන් රැස්ව මට පහරදෙනවා ඇත; මා හා මාගේ පවුල විනාශවන්නේයයි කීය.


මිසරයට පැමිණි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නාමවල් නම්:


සැත්තෑදෙනෙක්වූ නුඹේ පියවරු මිසර දේශයට බැස ගියෝය; දැනුදු නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අහසේ තාරකා මෙන් ගණනින් නුඹ වැඩිකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්