නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.
හෙබ්‍රෙව් 6:1 - Sinhala Revised Old Version ඒ නිසා මළ ක්‍රියාවල් ගැන පසුතැවිලිවීමද දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහීමද බව්තීස්මකිරීම් ගැනත් අත්තැබීම ගැනත් මළවුන්ගේ නැගිටීම ගැනත්, සදාකාල විනිශ්චය ගැනත් Sinhala New Revised Version එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් පසුකර යමු. නිෂ්ඵල ක්‍රියාවලින් හැරීම ද දෙවියන් වහන්සේ කෙරේ ඇදහීම ද සිංහල කාලීන පරිවර්තනය එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ආරම්භක ඉගැන්වීම් පසු කොට, එහි පරිණත තත්වයට යා යුත්තේ, එහි අත්තිවාරම් නැවත දැමීමෙන් තොරව ය; එනම් මළ ක්‍රියා ගැන පසුතැවීම, දෙවියන්වහන්සේ වෙත ඇදහීම, Sinhala New Revised Version 2018 එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් පසුකර යමු. නිෂ්ඵල ක්‍රියාවලින් හැරීම ද දෙවියන් වහන්සේ කෙරේ ඇදහීම ද |
නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.
දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.
මක්නිසාද යොහන් ධර්මිෂ්ඨකම නමැති මාර්ගයෙන් නුඹලා ළගට ආවේය, එහෙත් නුඹලා ඔහු අදහා නොගත්තහුය. නුමුත් සුංගම් අයකරන්නොත් වේශ්‍යාවොත් ඔහු අදහාගත්තෝය. නුඹලා ඒ දැකත් ඔහු අදහාගන්න පිණිස පසුවවත් පසුතැවිලිවුණේ නැත.
එතැන් පටන් යේසුස්වහන්සේ: පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ලංවී තිබේය කියා දේශනාකරන්ට පටන්ගත්සේක.
එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.
වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය පර්වතය පිට පිහිටා තිබුණු බැවින් නොවැටුණේය.
ඔහු ගැඹුරට හාරා, පර්වතයක් පිට අත්තිවාරම ලා, ගෙයක් සාදාගත් මනුෂ්‍යයෙකුට සමානය. ජල ගැල්මක් පැමිණ සැඩපාර ඒ ගෙට ගැසූ නුමුත්, ඒක හොඳින් ගොඩනගා තිබුණු බැවින් සොලවන්ට බැරිවිය.
යේසුස්වහන්සේ ශබ්ද පවත්වමින් කියනසේක්: මා කෙරෙහි අදහන තැනැත්තේ මා කෙරෙහි නොව මා එවූ තැනන්වහන්සේ කෙරෙහි අදහාගනියි.
සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.
ඔව්හු ඒ අසා, නිශ්ශබ්දවී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: එසේවී නම් දෙවියන්වහන්සේ අන්‍යජාතීන්ටත් ජීවනය පිණිස වූ පශ්චාත්තාපය දුන්සේකැයි කීවෝය.
ඉතින් මේ නොදන්නාකමේ කාලවල් දෙවියන්වහන්සේ නොබලා හැරිය නුමුත් සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලිවෙන්ට දැන් අණකරනසේක.
පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය.
දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි.
පළමුකොට දමස්කයේද පසුව යෙරුසලමේද යූදා රට මුළුල්ලෙහිද වසන්නන්ටත්, අන්‍යජාතීන්ටත්, පසුතැවිලිව දෙවියන්වහන්සේ වෙතට හැරී, පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන් කරන්ට කියා ප්‍රකාශකෙළෙමි.
එසේවී නුමුත් සම්පූර්ණ තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කථාකරමුව. එනම්, මේ ලෝකයේ, නොහොත් මේ ලෝකයේ නැතිවීයන මුලාදෑනීන්ගේ ප්‍රඥාවක් නොව,
එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.
මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.
අපගේ වරද කරණකොටගෙන අප මැරී සිටි කල්හි පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවත්කර-නුඹලා ගැළවී සිටින්නේ අනුග්‍රහයෙන්ය-උන්වහන්සේ සමඟ අප නැගුටුවා,
එසේ දුන්නේ ඇදහීමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්,
අපි නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු මනුෂ්‍යයන් සම්පූර්ණකොට ඔප්පුකරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශකරමුව.
නුඹලාගෙන් එක්කෙනෙක්වූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසෙයක්වූ එපප්‍රස් නුඹලාට ආචාරකරන්නේය; නුඹලා දෙවියන්වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යකරන්නේය.
දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.
සැබවින් ජීවනයවූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාගන්ටත් අණකරන්න.
එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.
ඉඳින් ලෙවීගේ පූජකකමෙන් සම්පූර්ණකම පැමිණේ නම් (මක්නිසාද ඒ සම්බන්ධව සෙනඟ ව්‍යවස්ථාව ලැබුවෝය), ආරොන්ගේ පිළිවෙළේ හැටියට කියනු නොලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට වෙන පූජකයෙක් නැගිටින්ට තවත් තිබුණු ඕනෑකම මොකද?
කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?
නුමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්තිගුණය සම්පූර්ණලෙස ක්‍රියාකෙරේවා.
උන්වහන්සේ කාලවල කෙළවරදී ප්‍රකාශකරනු ලැබූසේක; මෙසේ නුඹලාගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව දෙවියන්වහන්සේ කෙරෙහි ඇත්තේය.
එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.
කිසිවෙක් කිසි කලක දෙවියන්වහන්සේව දුටුවේ නැත. අපි එකිනෙකාට ප්‍රේමකරමු නම්, දෙවියන්වහන්සේ අප තුළ සිටිනසේක, උන්වහන්සේගේ ප්‍රේමයද අප තුළ සම්පූර්ණවී තිබේ.