Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 12:44 - Sinhala Revised Old Version

44 යේසුස්වහන්සේ ශබ්ද පවත්වමින් කියනසේක්: මා කෙරෙහි අදහන තැනැත්තේ මා කෙරෙහි නොව මා එවූ තැනන්වහන්සේ කෙරෙහි අදහාගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 එවිට ජේසුස් වහන්සේ මහ හඬින් කතා කරමින්, “මා අදහන තැනැත්තේ, මා නොව, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

44 එකල යේසුස්වහන්සේ උස් හඬ නගා කතා කරමින්, “මා තුළ විශ්වාස කරන කවරකු වුව, විශ්වාස කරන්නේ මා තුළ නො ව, මා එවූ තැනැන්වහන්සේ තුළ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 එවිට ජේසුස් වහන්සේ මහ හඬින් කතා කරමින්, “මා අදහන තැනැත්තේ, මා නොව, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 12:44
11 හුවමාරු යොමු  

නුඹලා පිළිගන්නා මා පිළිගන්නේය, මා පිළිගන්නා මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේය.


සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා විසින් එවනලද කවරෙකු නුමුත් පිළිගන්නා මා පිළිගන්නේය; මා පිළිගන්නා මා එවූ තැනන්වහන්සේව පිළිගන්නේයයි කීසේක.


සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.


මෙබඳු කුඩා දරුවන්ගෙන් එක්කෙනෙකු මාගේ නාමයෙන් පිළිගන්නාවු කවරෙක් නුමුත් මා පිළිගන්නේය. මා පිළිගන්න කවරෙක් නුමුත් මා පිළිගන්නවා නොව මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේයයි ඔවුන්ට කීසේක.


උන්වහන්සේ කාලවල කෙළවරදී ප්‍රකාශකරනු ලැබූසේක; මෙසේ නුඹලාගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව දෙවියන්වහන්සේ කෙරෙහි ඇත්තේය.


ඒ නිසා යේසුස්වහන්සේ දේවමාළිගාවෙහි උගන්වමින් ශබ්දනගා: නුඹලා මා කවුද කියාත් මම කොතැනින් ආවෙම්ද කියාත් දන්නහුය; මම මාගේ කැමැත්තෙන් නායෙමි, නුමුත් මා එවූ තැනන්වහන්සේ සැබෑ කෙනෙක්ය; නුඹලා උන්වහන්සේ අඳුනන්නේ නැත.


උන්වහන්සේ මෙසේ කියා: ලාසරුස් පිටතට එන්නැයි මහත් ශබ්දයකින් කීසේක.


ප්‍රඥාතොමෝ මොර නොගසන්නීද? ඥානයද ඇගේ හඬ නොනගින්නීද?


ප්‍රඥාව වීථියෙහි මොරගසයි; එළිමහන් ස්ථානවල ඇගේ හඬ පවත්වයි;


යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්