Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 21:29 - Sinhala Revised Old Version

29 ඔහු උත්තරදෙමින්: නොයමියි කීවේය; නුමුත් පසුව පසුතැවිලිවී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඔහු උත්තර දෙමින්, ‘නොයමි’යි කී ය. එහෙත්, පසුව පසුතැවිලි වී වැඩට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 “ඔහු පිළිතුරු දෙමින්, ‘මට බැරි යැ’ යි කී නමුත්, පසුව ඔහු සිත වෙනස් කරගෙන, එහි ගියා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඔහු උත්තර දෙමින්, ‘නොයමි’යි කී ය. එහෙත්, පසුව පසුතැවිලි වී වැඩට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 21:29
19 හුවමාරු යොමු  

නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.


පළමුකොට දමස්කයේද පසුව යෙරුසලමේද යූදා රට මුළුල්ලෙහිද වසන්නන්ටත්, අන්‍යජාතීන්ටත්, පසුතැවිලිව දෙවියන්වහන්සේ වෙතට හැරී, පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන් කරන්ට කියා ප්‍රකාශකෙළෙමි.


ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත කළේ කවුදැයි ඇසූසේක. පළමුවෙනියායයි ඔව්හු කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් නුඹලාට කියමි, සුංගම් අයකරන්නොත් වේශ්‍යාවොත් නුඹලාට පළමුවෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙති.


නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස්, මා විසින් නුඹට කියන කාරණා එහි ප්‍රකාශකරන්නැයි කීසේක.


නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අපට කී වචනය ගැන අපි නුඹට කන් නොදෙන්නෙමුව.


ඔහුද: මම නොඑන්නෙමි; මාගේ දේශයටත් මාගේ නෑයන් වෙතටත් යන්නෙමියි ඔහුට කීවේය.


නුමුත් නුඹලා සිතන්නේ කුමක්ද? එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය; ඔහු පළමුවෙනියා ළඟට ඇවිත්: පුත්‍රය, ගොස් අද මිදිවත්තේ වැඩකරන්නැයි කීවේය.


ඔහු දෙවෙනියා ළඟට ඇවිත් එසේම කීවේය. ඔහු උත්තරදෙමින්: ස්වාමිනි, යමියි කීවේය; නුමුත් ගියේ නැත.


ස්වාමීන්වහන්සේ තමා අත කියා ඇරිය සියලු වචනද උන්වහන්සේ තමාට අණකළාවූ සියලු ලකුණුද මෝසෙස් ආරොන්ට දැන්නුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්