ස්වාමිනි, මා විනිශ්චයකළ මැනව, මක්නිසාද මම නිර්දෝෂකමින් හැසුරුණෙමි. මම නොසෙල්වී ස්වාමීන් කෙරෙහි විශ්වාසකෙළෙමි.
හෙබ්‍රෙව් 10:23 - Sinhala Revised Old Version අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක. Sinhala New Revised Version පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තුවෙහි නොසෙල්වී, ස්ථීර ව පිහිටා සිටිමු. සිංහල කාලීන පරිවර්තනය පොරොන්දුව දුන් තැනැන්වහන්සේ විශ්වාසනීය බැවින්, අප ප්‍රකාශ කරන බලාපොරොත්තුව නො සැලී, බදා අල්ලා ගනිමු. Sinhala New Revised Version 2018 පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තුවෙහි නොසෙල්වී, ස්ථීර ව පිහිටා සිටිමු. |
ස්වාමිනි, මා විනිශ්චයකළ මැනව, මක්නිසාද මම නිර්දෝෂකමින් හැසුරුණෙමි. මම නොසෙල්වී ස්වාමීන් කෙරෙහි විශ්වාසකෙළෙමි.
ස්වකීය පුත්‍රවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහභාගිකමට නුඹලා කැඳවාගත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටිනසේක.
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.
මේ උපස්ථානයෙන් නුඹලා සෝදිසිකිරීම කරණකොටගෙන ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නුඹලා විසින් පිළිගැනීමේ කීකරුකමද, ඔවුන් සහ සියල්ලන් කෙරෙහි නුඹලාගේ සම්මාදමේ ත්‍යාගවන්තකමද නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසාකරනවාත් හැර,
නුමුත් ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ නුඹලා ස්ථිරකොට නපුරාගෙන් ආරක්ෂාකරනසේක.
අපේ ගැළවුම්කාරයා වන දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස මට භාරදෙනලද පණිවිඩයෙන් තමන්වහන්සේගේ වචනය ප්‍රකාශකිරීමෙන් නියම කාලවලදී එළිදරව්කළාවූ සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සඳහා,
ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.
එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනාකරන්න.
මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට,
නුමුත් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ගෘහය කෙරෙහි පත්ව සිටින පුත්‍රයෙකු මෙන් විශ්වාසව සිටිසේක. අපි අන්තිමය දක්වා අපේ බලාපොරොත්තුවේ නිසැකකමද පාරට්ටුවද ස්ථිරලෙස අල්ලාගන සිටිමු නම්, උන්වහන්සේගේ ගෘහය අපිය.
එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු.
මෙසේ කළේ දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය.
නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය.