Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 9:13 - Sinhala Revised Old Version

13 මේ උපස්ථානයෙන් නුඹලා සෝදිසිකිරීම කරණකොටගෙන ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නුඹලා විසින් පිළිගැනීමේ කීකරුකමද, ඔවුන් සහ සියල්ලන් කෙරෙහි නුඹලාගේ සම්මාදමේ ත්‍යාගවන්තකමද නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසාකරනවාත් හැර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මේ සේවාවෙන්, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න පිළිගෙන, එය පිළිපදින ආකාරය ද ඔවුන්ට හා අන් සියල්ලන්ටත් ඔබ දැක්වූ ත්‍යාගශීලීභාවය ද ඔප්පු වන බැවින් ඔව්හු දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රායෝගිකව පිළිගැනීම සමඟ ආ ඔබගේ අවනත භාවය හා ඔවුන්ටත්, අන් සියල්ලන්ටත් ඔබ පිරිනැමූ දීමනාවේ ත්‍යාගවත් භාවය නිසා, මෙම සේවයෙන් ඔප්පු කර පෙන්වූ දෙයින්, ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මේ සේවාවෙන්, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න පිළිගෙන, එය පිළිපදින ආකාරය ද ඔවුන්ට හා අන් සියල්ලන්ටත් ඔබ දැක්වූ ත්‍යාගශීලීභාවය ද ඔප්පු වන බැවින් ඔව්හු දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 9:13
27 හුවමාරු යොමු  

නුමුත් යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක.


එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.


ඔව්හු මා ගැන දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.


තවද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශකරන්ට මා ත්‍රෝවසට පැමිණිකල ස්වාමීන්වහන්සේ තුළ මට දොරක් ඇර තිබෙද්දීත්,


යමෙක් කථාකෙරේ නම්, දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථාකරාවා; යමෙක් සේවයකෙරේ නම්, දෙවියන්වහන්සේ සපයාදෙන ශක්තියේ ප්‍රකාර සේවයකරාවා. දෙවියන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේකරන්ට ඕනෑය. මහිමයත් පරාක්‍රමයත් සදාකාලේටම උන්වහන්සේගේය. ආමෙන්.


නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.


අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.


මෙසේ උන්වහන්සේ සම්පූර්ණකරනු ලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට උත්තම පූජකයෙක්ය යන නම දෙවියන් වහන්සේගෙන් ලැබ,


එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු.


එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනාකරන්න.


ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.


අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.


ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීමට පංගුකාරයන්වීමේ ප්‍රසාදය බොහෝ කන්නලව් ඇතුව ඔව්හු අපගෙන් ඉල්ලුවෝය.


ඒ රහස එළිදරව්වීමේ හැටියටද, මාගේ ශුභාරංචියේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනාකිරීමේ හැටියටද, නුඹලා ස්ථිරකරන්ට සමර්ථවූ,


ඔව්හු ඒ අසා, නිශ්ශබ්දවී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: එසේවී නම් දෙවියන්වහන්සේ අන්‍යජාතීන්ටත් ජීවනය පිණිස වූ පශ්චාත්තාපය දුන්සේකැයි කීවෝය.


සිද්ධවුණු දේ ගැන සියල්ලන් දෙවියන්වහන්සේට ප්‍රශංසාකළ බැවින්, සෙනඟ නිසා ඔවුන්ට දඬුවම්කරන්ට අන්දමක් නොදැක, ඔව්හු ඔවුන්ට තව දුරටත් තර්ජනයකොට යන්ට හැරියෝය.


මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.


මා කියන දේ නොකර: ස්වාමීනි, ස්වාමීනියි මට කියන්නේ මක්නිසාද?


නුමුත් සමූහයෝ ඒ දැක භයවී, මෙබඳු බලය මනුෂ්‍යයන්ට දුන් දෙවියන්වහන්සේට ගෞරවකළෝය.


ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.


නුමුත් ඔවුන් සියල්ලම ඒ යහපත් ආරංචියට ඇහුම්කන්දුන්නේ නැත. මක්නිසාද: ස්වාමිනි, අපේ දැන්වීම විශ්වාසකළේ කවුදැයි යෙසායා කියයි.


උපදේශ දෙන්නා තමාගේ උපදේශ දීමටත් භාරවේවා. දෙන තැනැත්තේ ත්‍යාගවන්තකමෙන්ද ආණ්ඩුකරන තැනැත්තේ උනන්දුකමෙන්ද කරුණාව පෙන්වන තැනැත්තේ ප්‍රසන්න ලීලාවෙන්ද එසේ කෙරේවා.


දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන සතුටින් නුඹලා ළඟට ඇවිත් නුඹලා සමඟ නිවාඩු ලබන ලෙසත්,


නුඹලා උදෙසා කන්නලව්කරමින්, නුඹලා කෙරෙහි ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ඉතා මහත් අනුග්‍රහය නිසා තුමූම නුඹලා කෙරෙහි ඉතා ඇලුම්වෙති.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීම දක්වා නුඹ මේ ආඥාව කැලලක්ද දෝෂයක්ද නැතුව පවත්වන ලෙස,


ඇගේ නැන්දා: නුඹ අද ඇහින්දේ කොහේද? වැඩකළේ කොතනදැයි ඇගෙන් අසා, නුඹ ගැන සැලකූ අයට ආශීර්වාදවේවයි කීවාය. කා වෙත වැඩකළාද කියා ඈ තම නැන්දාට දන්වමින්: මා අද වැඩකළේ බෝවස් නම්වූ මනුෂ්‍යයෙකු වෙතයයි කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්