යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.
හිතෝපදේශ 8:13 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි. Sinhala New Revised Version දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි. Sinhala New Revised Version 2018 දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි. |
යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.
උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.
මාගේ ඇස් හමුවෙහි කිසි නීච දෙයක් තබා නොගන්නෙමි. ඉවතට හැරෙන්නන්ගේ ක්‍රියාව නුරුස්සමි; එය මට නොඇලෙන්නේය.
එබැවින් සියලු දේ ගැන ඔබගේ නියෝග සියල්ල හරියයි සලකමි; සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.
මක්නිසාද ස්වාමීන්වහන්සේ උසස් නුමුත් පහත් අය සලකනසේක. නුමුත් උඩඟු අය දුරදීම දන්නාසේක.
ස්වාමීන්ට ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්. උන්වහන්සේ ස්වකීය ශුද්ධවන්තයන්ගේ ප්‍රාණ ආරක්ෂාකරනසේක; දුෂ්ටයන්ගේ අතින් ඔවුන් ගළවන සේක.
එහෙත් වින්නඹුවෝ දෙවියන්වහන්සේට භයවෙමින් මිසරයේ රජු අණදුන් ලෙස නොකොට පිරිමි දරුවන් නොමරා ඉතුරු කළෝය.
දුෂ්ටයාගේ මාර්ගය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ධර්මිෂ්ඨකම අනුව යන්නාට උන්වහන්සේ ප්‍රේමකරනසේක.
උඩඟු සිත් ඇති කවුරු නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; අතට අත එකතුවුණත් ඔහු දඬුවම් නොලැබ නොසිටින්නේය.
කරුණාවත් සැබෑකමත් කරණකොට ගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.
ප්‍රයෝග මුඛයක් ඇතුව ඇවිදින්නාවූ, තමාගේ ඇස්වලින් ඉඟිකරන්නාවූ, තමාගේ පාදවලින් හැඟුම් දෙන්නාවූ,
මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම නිසාත් දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම නිසාත් දඬුවම්කරන්නෙමි; උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලාත්කාරකරන්නන්ගේ ආඩම්බරය පහත්කරන්නෙමි.
නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත.
ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන් ගැනම දිවුරමින් සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක, මම යාකොබ්ගේ තේජසට පිළිකුල්කොට, ඔහුගේ මාළිගාවලට ද්වේෂකරමි. එබැවින් මම නුවර සහ එහි සියල්ලද පාවාදෙන්නෙමි.
නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුරු යෝජනා නොකරන්න; බොරු දිවිරීමට ප්‍රිය නොවෙන්න. මක්නිසාද මේ සියල්ලටම මම ද්වේෂකරමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.
එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.
ඔපමණ උඩඟු ලෙස තවත් කථා නොකරන්න; අහංකාරය නුඹලාගේ මුඛවලින් නොනික්මේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල දන්නා දෙවිකෙනෙක්ය, උන්වහන්සේ ක්‍රියාවල් කිරා බලනසේක.