මාගේ එදිරිකාරයන්ගේ කැමැත්තට මා භාර නුදුන මැනව. මක්නිසාද බොරු සාක්ෂිකාරයෝද කෲරකමින් තර්ජනකරන්නෝද මට විරුද්ධව නැගිට සිටිති.
හිතෝපදේශ 6:19 - Sinhala Revised Old Version මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය. Sinhala New Revised Version මිතුරන් අතර වාද භේද අවුස්සන අය ද වෙත්. Sinhala New Revised Version 2018 මිතුරන් අතර වාද භේද අවුස්සන අය ද වෙත්. |
මාගේ එදිරිකාරයන්ගේ කැමැත්තට මා භාර නුදුන මැනව. මක්නිසාද බොරු සාක්ෂිකාරයෝද කෲරකමින් තර්ජනකරන්නෝද මට විරුද්ධව නැගිට සිටිති.
බොරු ප්‍රවෘත්තියක් පතළ නොකරන්න. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙකු වීමට දුෂ්ටයෙකුට නුඹේ අත නොදෙන්න.
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.
මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය.
නායක පූජකයෝද මුළු මන්ත්‍රණසභාවද යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි සෙවුවෝය.