හිතෝපදේශ 5:23 - Sinhala Revised Old Version ඔහු ඉගැන්වීම නැතිකම නිසා නසින්නේය; ඔහු තමාගේ මෝඩකමේ මහත්කම නිසා මුළාවයන්නේය. Sinhala New Revised Version ආත්මදමනයෙන් තොර මිනිසා වැනසෙයි; ඔහු නිම්හිම් නැති අනුවණකමින් මුළා වෙයි. Sinhala New Revised Version 2018 ආත්මදමනයෙන් තොර මිනිසා වැනසෙයි; ඔහු නිම්හිම් නැති අනුවණකමින් මුළා වෙයි. |
එහෙයින් ඔවුන් තමුන්ගේ මන්ත්‍රණවල හැසිරෙන ලෙස ඔවුන්ගේ සිත් දැඩිකමෙහි ඔවුන් අත්හැරියෙමි.
උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම ඔවුන් පිටට පෙරළූසේක, ඔවුන්ගේම නපුරුකමෙහි ඔවුන් සිඳ දමනසේක; අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් සිඳදමනසේක.
එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය.
මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනාකරනු ලැබේ; එහෙත් වංක සිතක් ඇත්තා හෙළාදකිනු ලැබේ.
සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි.
දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.