Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 94:23 - Sinhala Revised Old Version

23 උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම ඔවුන් පිටට පෙරළූසේක, ඔවුන්ගේම නපුරුකමෙහි ඔවුන් සිඳ දමනසේක; අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් සිඳදමනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එතුමාණෝ ඔවුන්ගේ අදමිටුකමට දඬුවම් කරන සේක. ඔවුන්ගේ නපුරුකම නිසා ඔවුන් නසා වනසාලන සේක. අපේ දෙවි සමිඳාණෝ ඔවුන් විනාශ කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එතුමාණෝ ඔවුන්ගේ අදමිටුකමට දඬුවම් කරන සේක. ඔවුන්ගේ නපුරුකම නිසා ඔවුන් නසා වනසාලන සේක. අපේ දෙවි සමිඳාණෝ ඔවුන් විනාශ කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 94:23
20 හුවමාරු යොමු  

ඔහුගේ නපුරුකම ස්වකීය හිස පිටට හැරෙන්නේය, ඔහුගේ බලාත්කාරකම ස්වකීය ඉස් මුදුනෙහි වැටෙන්නේය.


දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.


නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.


නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


දුෂ්ටයා තමාගේ අපරාධවලින්ම අසුවන්නේය, තමාගේ පාප නමැති ලනුවලින් බඳිනු ලබන්නේය.


ඔවුන්ගේ දිව මෙසේ තමුන්ටම විරුද්ධවී, ඔවුන්ගේ පැකිලීම සිදුවන්නේය. ඔවුන් දකින සියල්ලෝ හිස වනන්නෝය.


සති සැටදෙකකට පසු ආලේපලත් තැනැත්තා සිඳදමනු ලැබේ, කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙ අධිපතියාගේ සෙනඟ නුවර සහ ශුද්ධස්ථානය විනාශකරන්නෝය; එහි කෙළවර ජලගැල්මකින් මෙන් වන්නේය, කෙළවර දක්වාම යුද්ධ පවතින්නේය; පාළුකිරීම්ද නියමකර තිබේ.


අං දසය නම් මේ රාජ්‍යයෙන් නැගිටින රජවරු දස දෙනෙක්ය. ඔවුන්ට පසුව තවත් එක්කෙනෙක් නැගිටින්නේය; ඔහු පළමු තැනැත්තන්ට වෙනස්ව සිටින්නේය, ඔහු රජවරුන් තුන් දෙනෙක් පහත්කරදමන්නේය.


නුමුත් ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම්කොට, දුෂ්ටයා කරන සියලුම පිළිකුල් ක්‍රියාවල හැටියට කළොත් ඔහු ජීවත්වේද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහිකරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම නිසාත් ඔහු කළ ඔහුගේ පාපය නිසාත් ඔහු නසින්නේය.


එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය.


අපේ දිවෙන් ජයගන්නෙමුව; අපේ තොල් අපේමය; අපට ස්වාමියා කවුදැයි කියන්නාවූ


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.


ෂෙකෙම්හි මිනිසුන්ගේ මුළු දුෂ්ටකමේ ප්‍රතිඵලත් දෙවියන්වහන්සේ ඔවුන්ගේ හිස් පිටට පැමිණෙවුසේක. මෙසේ යෙරුබ්බාල්ගේ පුත්‍රවූ යෝතාම් කළ ශාපය ඔවුන් පිටට පැමුණුණේය.


ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි නුඹලාගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය.


නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ හාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය.


මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත් ස්වාමීන්ගෙන් ලැබෙන විපාකය මේය.


ඔහු ඉගැන්වීම නැතිකම නිසා නසින්නේය; ඔහු තමාගේ මෝඩකමේ මහත්කම නිසා මුළාවයන්නේය.


මම ඔහුටත් ඔහුගේ වංශයටත් සේවකයන්ටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම්කොට, ඔවුන් පිටටත් යෙරුසලමේ වැසියන් පිටටත් යූදාහි මනුෂ්‍යයන් පිටටත් ඔවුන් ගැන මා කීවාවූ ඔවුන් නෑසුවාවූ සියලු විපත්ති පමුණුවන්නෙමියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්