හිතෝපදේශ 4:15 - Sinhala Revised Old Version එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න. Sinhala New Revised Version නපුරෙන් වළකින්න, එයට ඉඩ නොදෙන්න; එය දුරින් දුරු කොට, ඉදිරියට යන්න. Sinhala New Revised Version 2018 නපුරෙන් වළකින්න, එයට ඉඩ නොදෙන්න; එය දුරින් දුරු කොට, ඉදිරියට යන්න. |
නුඹ සර්වපරාක්‍රමයාණන් වෙතට හැරී, අධර්මිෂ්ඨකම නුඹේ කූඩාරම්වලින් පහකළොත්, නුඹ පිහිටුවනු ලබන්නෙහිය.
බොරුකාරණයකින් දුරුව සිටින්න; නිදොස්වූ ධර්මිෂ්ඨවූ තැනැත්තා නොමරන්න. මක්නිසාද මම දුෂ්ටයා ධර්මිෂ්ඨ නොකරන්නෙමි.
මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.
ධර්මිෂ්ඨකමින් හැසිරෙන්නාවූ, අවංකකමින් කථාකරන්නාවූ, බලාත්කාරකමේ ප්‍රයෝජනය එපාකරන්නාවූ, අල්ලසක් නාල්ලා අත් අහකට ගන්නාවූ, මිනීමැරීම ගැන නෑසෙන ලෙස කන් වසාගන්නාවූ, නපුර නොදකින්ට ඇස් පියාගන්නාවූ තැනැත්තාම