Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හිතෝපදේශ 4:15 - Sinhala New Revised Version

15 නපුරෙන් වළකින්න, එයට ඉඩ නොදෙන්න; එය දුරින් දුරු කොට, ඉදිරියට යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 නපුරෙන් වළකින්න, එයට ඉඩ නොදෙන්න; එය දුරින් දුරු කොට, ඉදිරියට යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 4:15
12 හුවමාරු යොමු  

ඔබ අත වරද තිබේ නම්, එය ඉවත ලන්න; ඔබේ නිවෙසෙහි අයුක්තියට ඉඩ නොදෙන්න.


ඔබ සව් බලැති දෙවිඳුන් වෙත බැගෑපත් ව හැරී, ඔබේ නිවෙසින් අසාධාරණකම් පහකළොත්,


බොරු පැමිණිලි කිරීමෙන් වැළකිය යුතු ය. නිදොස්, දැහැමි තැනැත්තා මරණයට පත් නොකළ යුතු ය. මන්ද, මම වරදකරුවන් නිදොස් නොකරන්නෙමි.


මාගේ පුත්‍රය, ඒ පාරෙහි නම් නොයන්න; ඔවුන්ගේ ක්‍රියා මාර්ගයෙන් ඈත් වන්න.


පවිටුන් ආදර්ශයට නොගන්න, ඔවුන් ඇසුරට ආශා නොවන්න.


අදමිටුන්ගේ මාවතෙහි පා නොතබන්න; දුදනන්ගේ පාරෙහි නොයන්න.


නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.


එවැනි ගැහැණියකගෙන් දුරු වී සිටින්න; ඇගේ දොරකඩට වත් නොයන්න.


දඩයක්කාරයෙකු අතින් පැන දුවන තිත් මුවෙකු මෙන් ද උගුලක් ඇටවූ වැද්දෙකු අතින් ඉගිළී යන කුරුල්ලෙකු මෙන් ගැළවී යන්න.


නුඹලා අවංක ව කතා කරන්නහු නම්, හරි දේ කරන්නහු නම්, දුප්පතුන් රවටන්න නුඹලාගේ බලය පාවිච්චි නොකරන්නහු නම්, අල්ලස් නොගන්නහු නම්, මිනී මරන්න හා අනිකුත් අපරාධ කරන්න උපා යොදන අය සමඟ හවුල් නොවන්නහු නම්,


අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී, ඒවා එළිකරන්න.


සියලු ආකාර නපුරෙන් වළකින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්