ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 30:10 - Sinhala Revised Old Version

වැඩකාරයෙකු ගැන ඔහුගේ ස්වාමියාට කේලාම් නොකියන්න, එසේ කළොත් සමහරවිට ඔහු නුඹට ශාපකරන්නේය, නුඹද වරදකාරයෙක් වී දඬුවම් විඳිනවා ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙහෙකරුවෙකු ගැන හාම්පුතුට කේළාම් නොකියන්න, එසේ කළොත් සමහර විට ඔබ මෙහෙකරුගේ සාපය ලැබ දුක් විඳිනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙහෙකරුවෙකු ගැන හාම්පුතුට කේළාම් නොකියන්න, එසේ කළොත් සමහර විට ඔබ මෙහෙකරුගේ සාපය ලැබ දුක් විඳිනු ඇත.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 30:10
18 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථාකරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි.


ධාන්‍ය නොදෙන්නාට සෙනඟ ශාපකරනවා ඇත; එහෙත් එය විකුණන්නාගේ හිසට ආශීර්වාදයක් පැමිණෙයි.


දිළින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය; එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේය.


මනුෂ්‍යයන් කියන සියලුම වචනවලට නුඹේ සිත යොමු නොකරන්න; එසේ කළොත් සමහරවිට නුඹේ වැඩකාරයා නුඹට දෙස්කියන බව නුඹ අසනවා ඇත.


එවිට ඔව්හු රජු ඉදිරියේ උත්තරදෙමින්; රජ්ජුරුවෙනි, යූදාරටෙන් අල්ලාගන ආ තැනැත්තන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් ඔබ සහ ඔබ විසින් අත්සන්කළ තහනම නොසලකා, දවසට තුන්වරක් තමාගේ යාච්ඤාව ඔප්පුකරන්නේයයි කීවෝය.


එවිට දානියෙල් කෙරෙහි වරද තැබූ ඒ මනුෂ්‍යයන් රජුගේ ආඥාව පිට ගෙනවුත්, ඔවුන් සහ ඔවුන්ගේ දරුවන්ද භාර්යාවන්ද සිංහ ගුහාවේ දැමුවෝය; ඔවුන් ගුහාවේ අඩියට පැමිණෙන්ටත් පළමුවෙන් සිංහයෝ ඔවුන්ගෙන් ජයගෙන, ඔවුන්ගේ ඇට සියල්ල කැබලි කළෝය.


අනිකෙකුගේ වැඩකාරයා විනිශ්චයකරන්නාවූ නුඹ කවුද? ඔහු සිටියත් වැටුණත් ඒක අයිති තමාගේම ස්වාමියාටය. එසේය, ඔහු සිටුවනු ලබන්නේය; කුමක් හෙයින්ද ඔහුව සිටුවන්ට ස්වාමීන්වහන්සේට බලය ඇත්තේය.


නුඹ මිදීමේ අවුරුද්දවූ සත්වෙනි අවුරුද්ද ළඟයයි කියමින් නුඹේ සිතේ දුෂ්ට කල්පනාවක් හටගෙන, නුඹේ දිළිඳු සහෝදරයාට නොදෙන ලෙස නුඹේ බැල්ම ඔහු කෙරෙහි අප්‍රසන්න වන බැවින් ඔහු නුඹට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොරනොගසන හැටියටත්, එසේ නුඹ පිටට පාපය නොපැමිණෙන හැටියටත් බලාගන්න.


තමාගේ ස්වාමියා කෙරෙන් ගැළවී නුඹ ළඟට එන වාලෙක් තමාගේ ස්වාමියාට භාරනොදෙන්න.


සාවුල්ට කථාකොට: දාවිත් ඔබට අනතුරු කරන්ට සොයන්නේයයි කියන මනුෂ්‍යයන්ගේ වචනවලට ඔබ ඇහුම්කන්දෙන්නේ මක්නිසාද?


එබැවින් දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාගේ වචන අසත්වා. ඉදින් ඔබව මට විරුද්ධව පෙළෙඹෙවුවේ ස්වාමීන්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නාසේක්වා. නුමුත් මනුෂ්‍ය පුත්‍රයෝ නම්, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාප ලත්තෝවෙත්වා; මක්නිසාද: නුඹ ගොස් අන් දෙවිවරුන්ට සේවයකරන්න කියා, මා දැන් ස්වාමීන්වහන්සේගේ උරුමයට බැඳී නොසිටින හැටියට ඔව්හු මා පන්නා දැමුවෝය.


ඒ සමුදාව ළඟට යන්ට නුඹ මට මග පෙන්වනවාදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මා නොමරන හැටියටත් මාගේ ස්වාමියාගේ අතට පාවානොදෙන හැටියටත් දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔබ මට දිව්රුම්දෙතොත් මම ඒ සමුදාව ළඟට පැමිණෙන්ට ඔබට මග පෙන්වමියි කීවේය.