හිතෝපදේශ 28:25 - Sinhala Revised Old Version ගිජු සිත් ඇත්තා තරඟය උපදවයි; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා පුෂ්ටිමත් වෙයි. Sinhala New Revised Version තණ්හාව ඇත්තා කලහ අවුස්සයි; සමිඳුන් කෙරේ විශ්වාසය තබන්නාට සෞභාග්‍යය ඇත. Sinhala New Revised Version 2018 තණ්හාව ඇත්තා කලහ අවුස්සයි; සමිඳුන් කෙරේ විශ්වාසය තබන්නාට සෞභාග්‍යය ඇත. |
ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක; එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵලකරනසේක.
මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.
ස්වාමීන්වහන්සේ නිතරම නුඹට මගපෙන්වා, වියළි තැන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, නුඹේ ඇටද ශක්තිමත්කරනසේක; නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය.