Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 29:22 - Sinhala Revised Old Version

22 තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; කෝපවෙන මනුෂ්‍යයෙක්ද බොහෝ වරද කරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි; උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි; උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 29:22
11 හුවමාරු යොමු  

තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; එහෙත් ඉවසිලි ඇත්තා ඩබරය සන්සිඳුවයි.


ඩබරයට ප්‍රියවෙන්නා වරදට ප්‍රියවෙයි; තමාගේ දොරකඩ උස්කොට සාදන්නා විනාශය සොයයි.


ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ඩබර අවුස්සන්ට තරඟකාර මනුෂ්‍යයා එසේමය.


වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.


මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය.


තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍රනොවෙන්න; කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ නොගැවසෙන්න.


ඉක්මනින් කිපෙන්නා අඥානලෙස ක්‍රියාකරයි; දුෂ්ට උපා යොදන්නාද වෛරය ලබයි.


මක්නිසාද කිරි ඇලලීමෙන් වෙඬරු හැදෙන්නේය, නාසය මිරිකීමෙන් ලේ එන්නේය. එසේම උදහස ඇවිස්සීමෙන් තරඟය හටගන්නේය.


තමාගේ වැඩකාරයා බාල කාලයේ සිට සැපෙන් ඇතිකරන්නාට ඔහු අන්තිමේදී පුත්‍රයෙක් වන්නේය.


ඔවුන්ගේ කෝපය රෞද්‍ර නිසාද ඔවුන්ගේ උදහස කෲරතර නිසාද ඊට ශාපවේවා. මම ඔවුන් යාකොබ් අතරෙහි බෙදා ඉශ්‍රායෙල් අතරෙහි විසුරුවන්නෙමි.


යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්