හිතෝපදේශ 25:18 - Sinhala Revised Old Version තමාගේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි කියන්නා පොල්ලක්ද කඩුවක්ද තියුණු ඊයක්ද වැනිය. Sinhala New Revised Version අනුන්ට විරුද්ධ ව බොරු සාක්ෂි කියන්නා මුගුරක් ද කඩුවක් ද තියුණු ඊගසක් ද මෙන් නපුරු ය. Sinhala New Revised Version 2018 අනුන්ට විරුද්ධ ව බොරු සාක්ෂි කියන්නා මුගුරක් ද කඩුවක් ද තියුණු ඊගසක් ද මෙන් නපුරු ය. |
ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.
මාගේ ප්‍රාණය සිංහයන් අතරෙහිය; ගිනි මෙන් රළුවූ තැනැත්තන් අතරෙහි, එනම් හෙල්ල සහ ඊගස් වැනි දත්ද තියුණු කඩුවක් වැනි දිව්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහි වැතිර සිටිමි.
කාරණයක් නැතුව නුඹේ අසල්වාසියාට විරුද්ධව සාක්ෂිකාරයෙක් නොවන්න, නුඹේ තොල්වලින් වංචා නොකරන්න.
නුඹේ අසල්වාසියාගේ ගෙදරට බොහෝසෙයින් නොයන්න; ගියොත්, සමහරවිට ඔහු නුඹ ගැන වෙහෙසවී, නුඹට වෛරවෙයි.
ඔව්හු බොරුව විඳින පිණිස තමුන්ගේ දිව් නැමති දුනු අදිති; ඔවුන් දේශයෙහි බලවත්ව සිටින්නේ විශ්වාසකම උදෙසා නොවේය. මක්නිසාද ඔව්හු නපුරෙන් නපුරට යති, මා නෑදින සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔවුන්ගේ දිව මරණයේ ඊගසක්ය; ඒක වංචාව කථාකරයි. යමෙක් සමාදානයෙන් තමාගේ අසල්වාසියාට කටින් කථාකරන නුමුත් සිතින් ඔහු ගැන ප්‍රයෝගයක් යොදයි.
එය අපේ අවයවයන් අතරේ අධර්මමිෂ්ඨකමේ ලෝකයක්ය. ඒක මුළු ශරීරය කිලුටුකොට, සකල ලෝකයට ගිනි අවුලවයි, ඒකට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය.