හිතෝපදේශ 22:5 - Sinhala Revised Old Version කටුගස්ද මලපත්ද වංක අයගේ මාර්ගයෙහි ඇත; තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නා ඒවායින් දුරව සිටියි. Sinhala New Revised Version වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත; සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි. Sinhala New Revised Version 2018 වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත; සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි. |
දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය.
කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.
අවංක අයගේ මහා මාර්ගය නම් නපුරෙන් ඉවත්ව සිටීමය; තමාගේ මාර්ගය බලාගන්න තැනැත්තා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය.
ආඥාව රක්ෂාකරන්නා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය; එහෙත් තමාගේ මාර්ග ගැන නොසලකන්නා නසින්නේය.
නපුරු මනුෂ්‍යයෙකුගේ වරදකිරීමෙහි මලපතක් ඇත. එහෙත් ධර්මිෂ්ඨයා ගීතිකා කියමින් සන්තෝෂවෙයි.
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවී යන තුරු, ඔවුන් නුඹලාට මලපතක්ද උගුලක්ද නුඹලාගේ ඇලපත්වලට කසයක්ද නුඹලාගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න.
දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.