Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 23:13 - Sinhala Revised Old Version

13 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවී යන තුරු, ඔවුන් නුඹලාට මලපතක්ද උගුලක්ද නුඹලාගේ ඇලපත්වලට කසයක්ද නුඹලාගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙන් මේ ජාතීන් මින්පසු පන්නා නොදමන බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ විනාශ වී යන තුරු, ඔවුන් ඔබට මලපතක් ද උගුලක් ද ඔබේ ඇළපත්වලට පහර දෙන කසයක් ද ඔබේ ඇස්වලට කටු ද මෙන් වන බවත් සහතික ලෙස දැනගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙන් මේ ජාතීන් මින්පසු පන්නා නොදමන බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ විනාශ වී යන තුරු, ඔවුන් ඔබට මලපතක් ද උගුලක් ද ඔබේ ඇළපත්වලට පහර දෙන කසයක් ද ඔබේ ඇස්වලට කටු ද මෙන් වන බවත් සහතික ලෙස දැනගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 23:13
24 හුවමාරු යොමු  

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පාවාදෙන සියලු මනුෂ්‍ය වර්ගයන් නැතිකරන්න; නුඹේ ඇස ඔවුන්ට අනුකම්පා නොකෙරේවා. ඔවුන්ගේ දෙවිවරුන්ට සේවය නොකරන්න; මක්නිසාද ඒක නුඹට මලපතක් වන්නේය.


එහෙත් නුඹලා දේශයේ වැසියන් නුඹලා ඉදිරියෙන් පන්නා නොදැමුවොත්, නුඹලා විසින් ඔවුන්ගෙන් ඉතුරුකරන අය නුඹලාගේ ඇස්වලට උල්ද නුඹලාගේ ඇලපත්වලට කටුද වී, නුඹලා වසන දේශයෙහි නුඹලාට සතුරුකම් කරනවා ඇත.


මට විරුද්ධව පව්කරන්ට ඔවුන් නුඹ නොසලස්වන පිණිස ඔවුන් නුඹේ දේශයෙහි වාසයකරන්ට ඔවුන්ට ඉඩ නොදෙන්න. මක්නිසාද නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට මෙහෙකරන්නෙහිනම් සැබවින්ම ඒක නුඹට මලපතක් වන්නේයයි කීසේක.


ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.


ඔවුන්ගේ මේසය ඔවුන් ඉදිරියෙහි මලපතක් වේවා; ඔවුන්ට සමාදානය ඇති කල එය උගුලක්ද වේවා.


ඔහුගේ මලපතෙන් මිදෙන පිණිසද, දෙවියන්වහන්සේ ඔවුන්ට පසුතැවිල්ල දෙනසේක්දෝයි බලමින් මෘදුකමින් ඔවුන්ට තරවටුකරන්ට ඕනෑය.


එවිට ලොකු කුඩා සියලු මනුෂ්‍යයෝද සේනාවන්ගේ අධිපතීහුද මිසරයට පිටත්ව ගියෝය. මක්නිසාද ඔව්හු කල්දිවරුන්ට භයවූහ.


නුඹ ඇදී ගියොත්, සැබවින් නුඹලා විනාශවෙන බව අද නුඹලාට දන්වමි; හිමිකරගන්න පිණිස ඇතුල්වීමට නුඹ යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට නුඹලාගේ දවස් වැඩිනොවන්නේය.


ස්වාමීන්වහන්සේ උදහසෙන්ද කෝපයෙන්ද මහත් අමනාපයෙන්ද ඔවුන් ස්වකීය භූමිය මතුපිටින් අහක්කර, අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන් අන් දේශයකට හෙළාදැමූසේකැයි කියන්නෝය.


නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරට යන දේශය මතු පිටින් නුඹලා ඉක්මනට සහමුලින් විනාශවෙන බවට අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටද පොළොවටද හඬගසමි; එහි නුඹලාගේ දවස් වැඩිනොවී, නුඹලා සහමුලින්ම විනාශ වන්නහුය.


බබිලෝනියේ රජ හමාත් රටේ රිබ්ලාහිදී ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය. මෙසේ යූදාවරු තමුන්ගේ ප්‍රවේණි භූමියෙන් ගෙනයනලද්දෝය.


එසේය, සාලමොන් මහලුවූ කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.


ඵාරාවෝගේ මෙහෙකරුවෝ: මේ මනුෂ්‍යයා කොතෙක් කල් අපට මල පතක් වන්නේද? ඒ මනුෂ්‍යයන් තමන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන පිණිස යන්ට හැරිය මැනවි. මිසරය විනාශවී තිබෙන බව ඔබ තවම නොදන්නෙහිදැයි කීවෝය.


නුඹ යන දේශයේ වැසියන් නුඹලා අතරේ මළපතක් නොවන පිණිස ඔවුන් සමඟ ගිවිසුමක් නොකරන්ට බලාගන්න.


නුඹ විසින් ඔවුන්ගේ දූවරුන්ගෙන් නුඹේ පුත්‍රයන්ට පාවාගන්ටද ඔවුන්ගේ දූවරුන් තමන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කොට නුඹේ පුත්‍රයන්ද ඔවුන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම් කිරීමටද සලස්වනු ලබනවා ඇත.


එවිට ඉශ්‍රායෙල් වංශයට ඇනෙන කටුවක්වත් රිදවන උලක්වත් ඔවුන්ව සුළුකළාවූ ඔවුන් අවට සිටින සියල්ලන්ගෙන් තවත් නොපැමිණෙන්නේය; මෙසේ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


මමත් යෝෂුවා නසින විට ඉතුරුව සිටි ජාතීන්ගෙන් එක්කෙනෙක්වත් ඔවුන් ඉදිරියෙන් තවත් පන්නානොදමන්නෙමි.


ඒ නිසා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස්වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළසේක. ඉතුරුවුණේ යූදා ගෝත්‍රය පමණක්ය.


ස්වාමීන්වහන්සේද මුළු ඉශ්‍රායෙල් වංශය අත්හැර, ඔවුන්ට පීඩාකොට, ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් අහක්කරදමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්