ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හිතෝපදේශ 18:13 - Sinhala Revised Old Version

අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න



හිතෝපදේශ 18:13
11 හුවමාරු යොමු  

රජද: නුඹ ගෙදර යන්න, මම නුඹ ගැන අණදෙමියි ස්ත්‍රියට කීවේය.


එවිට රජ: බලව, මෙපිබොෂෙත්ට අයිති සියල්ල නුඹට වේවයි ශීබාට කීය. ශීබාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මම ඔබ බැහැදකිමි; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවයි කීවේය.


මම දිළිඳාට පියෙක් වීමි; මා නොදැන සිටි අයගේ කාරණය සොයා බැලීමි.


මේක කැපයයි ඉක්මන්වී කියා, බාරවල් වුණාට පසු විභාගකිරීම මනුෂ්‍යයෙකුට මලපතක්ය.


රජ මේ වචන ඇසූ කල ඉතා අමනාපවී, දානියෙල් ගළවන්ට තමාගේ සිත ඔහු කෙරෙහි තබා, ඔහු නිදහස්කරන්ට ඉර බසින තුරු උත්සාහකෙළේය.


ඒ නිසා දාරියුස් රජ පත්‍රය හා නියමය අත්සන්කෙළේය.


යම් මනුෂ්‍යයෙකුගෙන් පළමුකොට නොඅසා, ඔහු කරන්නේ කිමෙක්දැයි ඔහුගෙන්ම නොදැන, අපගේ ව්‍යවස්ථාව ඔහු විනිශ්චයකෙරේදැයි ඔවුන්ට කීවේය.


නුඹ හොඳාකාර සොයා විභාගකර අසන්න; එවිට එබඳු පිළිකුල් දෙයක් නුඹලා අතරෙහි කරනලද බව සැබෑවක්නම්, කාරණය සත්තකනම්,