Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:51 - Sinhala Revised Old Version

51 යම් මනුෂ්‍යයෙකුගෙන් පළමුකොට නොඅසා, ඔහු කරන්නේ කිමෙක්දැයි ඔහුගෙන්ම නොදැන, අපගේ ව්‍යවස්ථාව ඔහු විනිශ්චයකෙරේදැයි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

51 “පළමුකොට යම් මිනිසකුගෙන් කරුණු නොවිමසා, ඔහු කරන්නේ කුමක් දැ යි තේරුම් නොගෙන, අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

51 “පළමුව කරුණු අසා, ඔහු කර ඇති දෑ විමසා මිස, අපේ නීතිය මිනිසකු විනිශ්චය කරනවා දැ?” යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

51 “පළමුකොට යම් මිනිසකුගෙන් කරුණු නොවිමසා, ඔහු කරන්නේ කුමක් දැ යි තේරුම් නොගෙන, අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:51
8 හුවමාරු යොමු  

අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.


විනිශ්චයේදී මිනිසුන්ගේ තරාතිරම් නොබලා ලොකු කුඩා අයට එක ලෙස කන්දෙන්න; මනුෂ්‍යයන්ට භයනොවෙන්න; මක්නිසාද විනිශ්චය කිරීම දෙවියන්වහන්සේගේය. නුඹලාට අමාරු වැඩිවූ කාරණයක් ඇත්නම් මා ළඟට ගෙනෙන්න, මම ඒක විචාරන්නෙමියි කීයෙමි.


එවිට පාවුල්: සුදුකළ භිත්තියක් බඳුවූ නුඹට දෙවියන්වහන්සේ ගසනසේක. ව්‍යවස්ථාව ලෙස මා විනිශ්චයකරන්ට ඉඳගනම ව්‍යවස්ථාවට විරුද්ධව මට ගසන්ට අණකෙරෙහිදැයි කීවේය.


මරණයට පත්වෙන තැනැත්තා සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් කී සාක්ෂිය පිට මරනු ලබන්නේය; එක සාක්ෂිකාරයෙකුගේ මුඛයේ කීම පිට ඔහු මරණු නොලබන්නේය.


බොරු ප්‍රවෘත්තියක් පතළ නොකරන්න. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙකු වීමට දුෂ්ටයෙකුට නුඹේ අත නොදෙන්න.


කා විසින් නුමුත් යමෙකු මැරුවොත් මිනීමරන තැනැත්තේ සාක්ෂිකාරයන්ගේ කීම පරිද්දෙන් මරනු ලැබිය යුතුය. එහෙත් යමෙකු මරන පිණිස එක සාක්ෂිකාරයෙක් පමණක් ඔහුට විරුද්ධව සාක්ෂි නොදිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්