තවද රජ කථාකොට: මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන්නාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීයේයයි අදොනියාට කීවේය.
හිතෝපදේශ 15:20 - Sinhala Revised Old Version ප්‍රඥාවත් පුත්‍රයෙක් පියා ප්‍රීතිකරවයි; එහෙත් අඥාන මනුෂ්‍යයෙක් තම මවු සුළුකරයි. Sinhala New Revised Version නැණවත් පුතා පියා ප්‍රීතියෙන් පිනවයි; එහෙත් අනුවණයා මව හෙළා දකියි; Sinhala New Revised Version 2018 නැණවත් පුතා පියා ප්‍රීතියෙන් පිනවයි; එහෙත් අනුවණයා මව හෙළා දකියි; |
තවද රජ කථාකොට: මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන්නාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීයේයයි අදොනියාට කීවේය.
එහෙත් ඔහුට අච්චුනොකර නාරින්න, මක්නිසාද නුඹ ප්‍රඥාවත් මනුෂ්‍යයෙකු බැවින් ඔහුගේ පැසුණු හිසකේ ලෙයින් යුක්තව මිනීවළට පමුණුවන පිණිස නුඹ විසින් කටයුතු කිමෙක්දැයි නුඹ දන්නෙහියයි කීවේය.
හීරාම් සාලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීතිවී: ඒ මහත්වූ සෙනඟ ආණ්ඩුකරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන්නාවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රශංසා වේවයි කීවේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.
සාලමොන්ගේ හිතෝපදේශය. ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය.
ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත්වන්නේය; බුද්ධිමත් දරුවෙකු ජනිතකරන්නාද ඔහු නිසා ප්‍රීතිවන්නේය.
ප්‍රඥාවට ප්‍රියවන්නා තමාගේ පියා ප්‍රීතිකරන්නේය; එහෙත් වේශ්‍යාවන් ආශ්‍රයකරන්නා තමාගේ සම්පත් නැතිකරන්නේය.
පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.
නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
ඔහු නම් දරුවෙක් පියෙකුට සේවයකරන්නාක්මෙන් ශුභාරංචියේ වර්ධනය සඳහා මා සමඟ සේවයකළේය යන ඔහුගේ ඔප්පුව නුඹලා දනිහුය.