මාගේ ස්වාමිවූ ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ තමන්ගේ කරුණාවත් සැබෑකමත් මාගේ ස්වාමියා වෙතින් අත්නොහළසේක. මා වනාහි මාර්ගයේ සිටියදී ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙවුසේකැයි කීය.
හිතෝපදේශ 14:22 - Sinhala Revised Old Version නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැබෑකමද ලැබෙන්නේය. Sinhala New Revised Version නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි. Sinhala New Revised Version 2018 නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි. |
මාගේ ස්වාමිවූ ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ තමන්ගේ කරුණාවත් සැබෑකමත් මාගේ ස්වාමියා වෙතින් අත්නොහළසේක. මා වනාහි මාර්ගයේ සිටියදී ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙවුසේකැයි කීය.
නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට: මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට නුඹේ සිතේ තිබුණේය, එය නුඹේ සිතේ පැවතීම හොඳය.
ස්වාමීන්ගේ, ගිවිසුමද ශික්ෂාද රක්නවුන්ට උන්වහන්සේගේ සියලු මාවත් කරුණාව හා සැබෑකමද වෙති.
ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි සදාකල් වසන්නේය. ඔහු ආරක්ෂාකරන පිණිස කරුණාවත් සත්‍යතාවත් පිළියෙළකළ මැනව.
සත්පුරුෂයා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලබයි; එහෙත් උන්වහන්සේ දුෂ්ට උපා යොදන්නා වරදට පත්කරනසේක.
කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.
තමුන්ගේ යහන්වලදී අපරාධ යොදා නපුර පිළියෙළකරන්නන්ට දුක්වේ! පසුවදා එළිවෙන කොට ඔවුන්ගේ අතට බලය ලැබෙන නිසා ඔව්හු ඒක ඉෂ්ටකරති.
මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.
ඒ මනුෂ්‍යයෝ ඈට කථාකොට: අපේ මේ කාරණය නුඹලා එළිදරව් නොකරතොත් ස්වාමීන්වහන්සේ දේශය අපට දෙන කල අපි නුඹට කරුණාවෙන්ද සැබෑකමින්ද ක්‍රියාකරන්නෙමුව. එසේ ක්‍රියානොකළොත් අපේ ප්‍රාණ නුඹලා වෙනුවට මරණයට පැමිණේවයි කීවෝය.