මමද: නුඹ කාගේ දියණියෝදැයි ඇගෙන් ඇසුවෙමි. ඈ: මිල්කා නාහොර් නිසා බිහිකළ පුත්‍රවූ බෙතුයෙල්ගේ දුවයයි කීවාය. එවිට මම නාසාභරණය ඇගේ නාසයෙහිද වළලු ඇගේ අත්වලද දැමුවෙමි.
හිතෝපදේශ 11:22 - Sinhala Revised Old Version ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යම්සේද නුවණ නැති රූපත් ස්ත්‍රියද එසේමය; Sinhala New Revised Version ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය. Sinhala New Revised Version 2018 ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය. |
මමද: නුඹ කාගේ දියණියෝදැයි ඇගෙන් ඇසුවෙමි. ඈ: මිල්කා නාහොර් නිසා බිහිකළ පුත්‍රවූ බෙතුයෙල්ගේ දුවයයි කීවාය. එවිට මම නාසාභරණය ඇගේ නාසයෙහිද වළලු ඇගේ අත්වලද දැමුවෙමි.
අතට අත එකතුවුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය.
ගුණවත් ස්ත්‍රියෙක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නක්ය; එහෙත් ලජ්ජා උපදවන තැනැත්තී ඔහුගේ ඇටවල දිරවීමක් මෙන්ය.
රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.
බල්ලා නැවත උගේ වමනයටත්, නෑවාවූ ඊරී මඩේ පෙරළීමටත් හැරී ගියෝය යන සැබෑවූ උපමාවේ ප්‍රකාරයට ඔවුන්ට සිදුවී තිබේ.