ඔහු කථාකොට: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට පණිවිඩකාරයන් ඇරියේ දේව වාක්‍යයෙන් විචාරන්ට ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිකෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින්ම මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.
හිතෝපදේශ 11:19 - Sinhala Revised Old Version ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව සිටින්නා ජීවනයට පැමිණෙන්නේය; නපුර අනුව යන්නා තමාට මරණය ළඟාකරගන්නේය. Sinhala New Revised Version දැහැමි ජීවිතයෙහි පිහිටි අය ජීවනය ලබති; නපුරු මඟ යන්නෝ මරණය ළඟා කර ගනිති. Sinhala New Revised Version 2018 දැහැමි ජීවිතයෙහි පිහිටි අය ජීවනය ලබති; නපුරු මඟ යන්නෝ මරණය ළඟා කර ගනිති. |
ඔහු කථාකොට: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට පණිවිඩකාරයන් ඇරියේ දේව වාක්‍යයෙන් විචාරන්ට ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිකෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින්ම මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.
එබැවින්–නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔවුන්ට කියන්නැයි කීවේය. එලියා පිටත්ව ගියේය.
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි; එය ඇත්තා තෘප්තියට පැමිණ, විපතට අසු නොවී සිටියි.
නුමුත් මාගෙන් මුළාවයන්නා තමාගේම ප්‍රාණයට අනතුරුකරගන්නේය; මට වෛරවෙන සියල්ලෝම මරණයට ප්‍රේමවන්නෝය.
සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.
මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.
නුඹ ජීවත්ව නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශය උරුමකරගන්න පිණිස ධර්මිෂ්ඨකමම අනුව යන්න.
මෙයින් දෙවියන්වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන්වහන්සේගෙන් නොවෙයි.
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා මුළාකරන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක්මෙන් ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටියි.