හිතෝපදේශ 10:15 - Sinhala Revised Old Version ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය; දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ දිළිඳුකමය. Sinhala New Revised Version ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි; දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි. Sinhala New Revised Version 2018 ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි; දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි. |
බලව, දෙවියන්වහන්සේ තමාගේ ශක්තිය කොට නොගත්තාවූ, තමාගේ බොහෝ වස්තු කෙරේ විශ්වාසය තැබුවාවූ, තමාගේ දුෂ්ටකමෙහි බලවත්වූ මනුෂ්‍යයා මේයයි කියන්නෝය.
දිළින්දාගේ සියලු සහෝදරයෝ ඔහුට වෛරවෙති; ඔහුගේ මිත්‍රයෝ කොපමණ වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද්ද? ඔහු ඔවුන්ගේ කීම් පස්සේ දුවයි, එහෙත් ඔවුන් නැත.
මක්නිසාද මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රඥාවන්තයා තමාගේ ප්‍රඥාව ගැන පාරට්ටුකර නොගනීවා, බලවන්තයාද තමාගේ බලය ගැන පාරට්ටුකර නොගනීවා, වස්තුකාරයා තමාගේ වස්තුව ගැන පාරට්ටුකර නොගනීවා.
ගෝලයෝ උන්වහන්සේගේ වචනවලට විස්මපත් වූවෝය. නුමුත් යේසුස්වහන්සේ නැවතත් උත්තරදෙමින්: දරුවෙනි, වස්තුව කෙරෙහි විශ්වාසකරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම කොපමණ අමාරුද!
ප්‍රාණය, නුඹට බොහෝ අවුරුදු ගණනකට හොඳවූ බොහෝ දේ රැස්කර තිබේ. පහසුගෙන, කා බී, ප්‍රීතියෙන් සිටින්නැයි මාගේ ප්‍රාණයට කියමියි කීවේය.
මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්,