Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 19:7 - Sinhala Revised Old Version

7 දිළින්දාගේ සියලු සහෝදරයෝ ඔහුට වෛරවෙති; ඔහුගේ මිත්‍රයෝ කොපමණ වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද්ද? ඔහු ඔවුන්ගේ කීම් පස්සේ දුවයි, එහෙත් ඔවුන් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 දිළිඳාගේ සියලු සොහොයුරෝ ඔහු අප්‍රිය කරති, එසේ නම්, ඔහුගේ මිතුරෝ ඊටත් වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද් ද? ඔහු ඔවුන් පස්සේ දුවතත් ඔවුන්ට ළං විය නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 දිළිඳාගේ සියලු සොහොයුරෝ ඔහු අප්‍රිය කරති, එසේ නම්, ඔහුගේ මිතුරෝ ඊටත් වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද් ද? ඔහු ඔවුන් පස්සේ දුවතත් ඔවුන්ට ළං විය නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 19:7
15 හුවමාරු යොමු  

වස්තුව බොහෝ මිත්‍රයන් එකතුකරදෙයි; එහෙත් දිළින්දාගේ මිත්‍රයා ඔහුගෙන් වෙන්වෙයි.


දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.


දිළින්දා බැගෑපත්ව කථාකරයි, එහෙත් වස්තුකාරයා රළු ලෙස උත්තරදෙයි.


මට ආදර ඇත්තෝද මාගේ මිත්‍රයෝද මාගේ විපත්තිය කෙරෙන් ඈත්ව සිටිති; මාගේ නෑයෝ දුරින් සිටිති.


ධනවතුන් නුඹලාට පීඩාකරනවා නොවේද? නඩුශාලාවලට නුඹලා ඇදගන යනවා නොවේද?


දිළින්දාට තමාගේ අසල්වාසියා පවා වෛරකරයි; එහෙත් වස්තුකාරයාට මිත්‍රයෝ බොහෝය.


ප්‍රේමකරන්නාත් මිත්‍රයාත් ඔබ මා කෙරෙන් දුරුකොට, මා අඳුනන්නන් අඳුරෙහි හෙළූසේක.


මා අඳුනන්නන් ඔබ මාගෙන් දුරු කළසේක; ඔවුන්ට මා පිළිකුලක් කළසේක. හිරකරනලදුව පිටත එන්ට නොහැක්කෙමි.


ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය; දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ දිළිඳුකමය.


මාගේ ප්‍රාණය නසන්ට සොයන්නෝ මට මලපත් තබති; මට අන්තරායකරන්ට සොයන්නෝ නපුරු දේ කථාකරමින්, දවස මුළුල්ලේ ප්‍රයෝග යොදති.


නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න; නුඹේ විපත්ති දවසේදී නුඹේ සහෝදරයාගේ ගෙට නොයන්න; ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්