හිතෝපදේශ 10:12 - Sinhala Revised Old Version වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි. Sinhala New Revised Version වෛරය කලහ උපදවයි; ප්‍රේමය වැරදි නොතකයි. Sinhala New Revised Version 2018 වෛරය කලහ උපදවයි; ප්‍රේමය වැරදි නොතකයි. |
වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය. එහෙත් කාරණයක් නැවත මතුකරන්නා හිතමිත්‍රයන් වෙන්කරන්නේය.
ගිජු සිත් ඇත්තා තරඟය උපදවයි; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා පුෂ්ටිමත් වෙයි.
මක්නිසාද කිරි ඇලලීමෙන් වෙඬරු හැදෙන්නේය, නාසය මිරිකීමෙන් ලේ එන්නේය. එසේම උදහස ඇවිස්සීමෙන් තරඟය හටගන්නේය.
නුඹලා අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුළෙහි යුද්ධකරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද?
පව්කාරයෙකු තමාගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා ප්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වසන බව ඔහු දැනගනීවා.
ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.