ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සෙකරියා 4:4 - Sinhala Revised Old Version

තවද මා සමග කථාකළ දූතයාට මම උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, මේවා මොනවාදැයි ඇසුවෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“මාගේ ස්වාමීනි, මේවායෙහි තේරුම කුමක් දැ”යි මම දේව දූතයාගෙන් යළි ඇසීමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“මාගේ ස්වාමීනි, මේවායෙහි තේරුම කුමක් දැ”යි මම දේව දූතයාගෙන් යළි ඇසීමි.

පරිච්ඡේදය බලන්න



සෙකරියා 4:4
11 හුවමාරු යොමු  

එවිට ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද නැගිට යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තෝය; ඔවුන් සමඟ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුද ඔවුන්ට උපකාරකරමින් සිටියෝය.


මම ඇසුවෙමි, නුමුත් තේරුම් නොගතිමි. එවිට මම: මාගේ ස්වාමිනි, මේ දේවල තීන්දුව කිමෙක්දැයි ඇසීමි.


එවිට මම: මේවා මොනවාදැයි මා සමග කථාකළ දූතයාගෙන් ඇසීමි. මේවා යූදා සහ ඉශ්‍රායෙල්ද යෙරුසලමද විසිරෙවු අංයයි ඔහු මට කීවේය.


එවිට මම: මාගේ ස්වාමිනි, මොව්හු කවුරුදැයි ඇසුවෙමි. මා සමග කථාකළ දූතයාද: මොව්හු කවුරුද කියා මම නුඹට පෙන්වන්නෙමියි කීවේය.


මා සමග කථාකළ දූතයා මට උත්තරදෙමින්: මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දැයි මට කීවේය. මාගේ ස්වාමිනි, නැතැයි මම කීවෙමි.


ඒක මොකක්දැයි ඇසීමි. එය නම් පිටතට එන ඒඵාවයයි ඔහු කීවේය. තවද මුළු දේශයෙහි ඔවුන්ගේ පෙනීම මේ ආකාරයයි කීවේය.


එකල මම මා සමග කථාකළ දූතයාට කථාකොට: මාගේ ස්වාමිනි, මේ මොකදැයි ඇසුවෙමි.


එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය.