Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 1:19 - Sinhala Revised Old Version

19 එවිට මම: මේවා මොනවාදැයි මා සමග කථාකළ දූතයාගෙන් ඇසීමි. මේවා යූදා සහ ඉශ්‍රායෙල්ද යෙරුසලමද විසිරෙවු අංයයි ඔහු මට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 “එහි තේරුම කුමක් දැ”යි මා සමඟ සිටි දේව දූතයාගෙන් මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “මේවා ජුදා, ඉශ්රායෙල් හා ජෙරුසලම විසුරුවාදැමූ ලෝක බලවත්තු සතරදෙනා ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 “එහි තේරුම කුමක් දැ”යි මා සමඟ සිටි දේව දූතයාගෙන් මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “මේවා ජුදා, ඉශ්රායෙල් හා ජෙරුසලම විසුරුවාදැමූ ලෝක බලවත්තු සතරදෙනා ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 1:19
20 හුවමාරු යොමු  

මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවරුන් මා උදහස්කෙරෙවු විට නුඹලා විපත්තියට පමුණුවන්ට අදහස්කොට මා නොතැවී සිටියාක්මෙන්ම,


එවිට මම: නුඹ කොතනට යනවාදැයි ඇසීමි. යෙරුසලමේ පළල කොපමණද කියාත් දිග කොපමණද කියාත් මැන බලන පිණිසයයි මට කීවේය.


එවිට මම: මොවුන් මක්කරන්ට එනවාදැයි ඇසීමි. උන්වහන්සේ කථාකොට: මේවා වනාහි කිසිවෙකු විසින් තමාගේ හිස නොඔසවන තරම් යූදා විසුරුවා දැමූ අංය. මොවුන් එන්නේ ඒවා භයගන්වා, යූදා දේශය විසුරුවාදමන්ට අඟ එසෙවූ ජාතීන්ගේ අං හෙළාදමන්ටයයි කීසේක.


එවිට මම: මාගේ ස්වාමිනි, මොව්හු කවුරුදැයි ඇසුවෙමි. මා සමග කථාකළ දූතයාද: මොව්හු කවුරුද කියා මම නුඹට පෙන්වන්නෙමියි කීවේය.


එවිට දේශයේ සෙනඟ යූදා සෙනඟගේ අත් දුර්වලකර, ගොඩනැගීමේදී ඔවුන් කලඹා,


වහල්කමෙන් මිදී ආ තැනැත්තන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මාලිගාවක් ගොඩනගන බව යූදාවරුන්ගේද බෙන්යමින්වරුන්ගේද එදිරිකාරයෝ අසා,


තවද අර්තක්ෂස්තාගේ දවස්වලදී බිෂ්ලාම්ද මිත්‍රෙදාත්ද මාබෙයෙල්ද ඔහුගේ අනික් සහකාරයෝද පාර්සියාවේ රජවූ අර්තක්ෂස්තාට ලියුමක් ලියා ඇරියෝය; ඒ ලියුම අරාම් අකුරුවලින්ද අරාම් භාෂාවෙන්ද ලියනලද්දේය.


ඔබ ඔහුගේ අධිපතීන්ගේ ප්‍රධානියාට ඔහුගේම හෙල්ලවලින් ඇන්නසේක. ඔව්හු මා විසුරුවාදමන්ට සුළි හුළඟක් මෙන් ආවෝය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්තිකිරීමටය.


අශ්වයන් පර්වත පිට දුවන්ටවත් එහි ගොනුන්ගෙන් හාන්ටවත් පුළුවන්ද? එහෙත් නුඹලා යුක්තිය තික්තකමටත් ධර්මිෂ්ඨකමේ ඵල කොසඹවලටත් හරවා තිබේ.


එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන තැනන්වහන්සේ ගැන දිවුරා: කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනඟගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේයයි කියනවා ඇසීමි.


ඒ කාලයේදී ගඟ මෙගොඩ සිටි තත්තෙනයි නම් දිශාධිපතියාද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද ඔවුන් ළඟට ඇවිත් කථාකොට: මේ ගෘහය ගොඩනගන්ටත් මේ පවුර නිමකරන්ටත් නුඹලාට නියෝගයක් කළේ කවුදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.


තවද කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් නැතිකරනතුරු මේවායින් ඔවුන්ට අනිනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


අහංකාරලෙස ක්‍රියා නොකරව්යයි අහංකාරීන්ටත් අඟ උස් නොකරව්යයි දුෂ්ටයන්ටත් කීමි.


නුඹලාගේ අඟ උස් නොකරව්; තද කුළල් ඇතිව කථා නොකරව්.


මෝවබ්ගේ අඟ කපාදමා තිබේ, ඔහුගේ හස්තයත් කඩා තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එහි සිටි තැනැත්තන්ගෙන් එක්කෙනෙකු ළඟට මම ළංවී, ඒ සියල්ලේ අර්ථය මට කියන මෙන් ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු මට කථාකොට, කාරණාවල තේරුම මට දැන්නුවේය.


තවද මාගේ ඇස් ඔසවා බැලූ විට අං සතරක් දුටිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්