ලූක් 13:14 - Sinhala Revised Old Version යේසුස්වහන්සේ සබත් දවසේදී සුවකළ බැවින් සිනගෝගයේ මුලාදෑනියා කෝපව, සමූහයාට උත්තරදෙමින්: වැඩකළ යුතුවූ සදවසක් ඇත. ඒ නිසා සබත් දවසේ නොව ඒ දවස්වල ඇවිත් සුවය ලබාගන්නැයි කීවේය. Sinhala New Revised Version ජේසුස් වහන්සේ සබත් දිනයේ දී සුව කළ බැවින් ධර්මශාලා නායකයා කෝප ව සමූහයා අමතා, “වැඩපල සඳහා සදවසක් ඇත. සබත් දිනයේ නොව වෙන දවස්වල අවුත් සුවය ලබාගන්නැ”යි ඔවුන්ට කී ය. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ඇය සුව කළේ සබතක බැවින්, කුපිත වූ සිනගෝග අධිපතියා පිරිස අමතා, “වැඩ කිරීමට දවස් හයක් තිබෙයි. සබත් දවසේ නො ව, ඒ දවසක ඇවිත් සුව කරවා ගනිල්ලා” යි කීවේ ය. Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ සබත් දිනයේ දී සුව කළ බැවින් ධර්මශාලා නායකයා කෝප ව සමූහයා අමතා, “වැඩපල සඳහා සදවසක් ඇත. සබත් දිනයේ නොව වෙන දවස්වල අවුත් සුවය ලබාගන්නැ”යි ඔවුන්ට කී ය. |
සදවසක් නුඹේ වැඩ කරගන්න, එහෙත් නුඹේ ගවයාට සහ නුඹේ කොටළුවාට නිවාඩු ලැබෙන පිණිසද නුඹේ වැඩකාරීගේ පුත්‍රයා සහ විදේශියාත් පහසු ලබන පිණිසද සත්වෙනි දවසේ නිවාඩුගන්න.
තවද මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක්ව තිබෙන්ට මාගේ සබත් ඔවුන්ට දුනිමි.
දුර්වලවූ සියල්ලන් පිටතට පන්නාදමන තුරු නුඹලා ඇලපතෙන්ද උරෙන්ද තල්ලු කර, නුඹලාගේ අංවලින් උන්ට අනින බැවින්,
සදවසක් වැඩකරන්ට පුළුවන. එහෙත් සත්වෙනි දවසේ ගරුමය නිවාඩුවේ සබත්ය, ශුද්ධ සභා රැස්වීමක්ය; නුඹලා කිසිම වැඩක් නොකරන්න. එය නුඹලාගේ සියලු වාසස්ථානවල ස්වාමීන්වහන්සේට පැවැත්විය යුතු සබතක්ය.
ඵරිසිවරු ඒ දැක: බැලුව මැනව, සබත් දවසේදී කරන්ට යුතු නැති දෙයක් ඔබගේ ගෝලයෝ කරතියි කීවෝය.
එකල සිනගෝගයේ මුලාදෑනීන්ගෙන් කෙනෙක්වූ යායිරස් නැමැත්තෙක් ඇවිත් උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී:
එවිට ඔහුගේ අත සුවවිය. නුමුත් ඔව්හු උමතුවෙන් පිරී: යේසුස්වහන්සේට කුමක් කරමුදැයි එකිනෙකා අතරේ කථාකරගත්තෝය.
එවිට ලියන්නෝද ඵරිසිවරුද උන්වහන්සේට වරද තබන්ට මාර්ගයක් සොයාගන්නා පිණිස උන්වහන්සේ සබත් දවසේදී සුවකරනවා ඇද්ද කියා බලා සිටියෝය.
බලව, සිනගෝගයේ මුලාදෑනියෙක්වූ යායිරස් නම් මනුෂ්‍යයෙක් ඇවිත් යේසුස්වහන්සේගේ පාමුල වැටී, තමාගේ ගෙදරට එන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය;
ව්‍යවස්ථාවද අනාගතවාක්‍යයද කියෙවු පසු සිනගෝගයේ මුලාදෑනීහු: සහෝදරයෙනි, සෙනඟට අවවාද වචනයක් නුඹලාට ඇත්නම් කියන්නැයි ඔවුන්ට කියා යැවුවෝය.
එවිට ඒ සියල්ලෝ සිනගෝගයේ මුලාදෑනියාවූ සොස්තෙනේස් අල්ලා නඩු ආසනය ඉදිරියේදී ඔහුට තැළුවෝය. ගලියෝ මේ දේවලින් කිසිවක් ගැන සැලකුවේ නැත.
සිනගෝගයේ මුලාදෑනියාවූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තේය; කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක්ද අසා අදහාගෙන බව්තීස්මකරනු ලැබුවෝය.
මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේ උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂිදෙමි. නුමුත් එය දැනගැන්ම ඇතුව නොවේ.