Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 8:41 - Sinhala Revised Old Version

41 බලව, සිනගෝගයේ මුලාදෑනියෙක්වූ යායිරස් නම් මනුෂ්‍යයෙක් ඇවිත් යේසුස්වහන්සේගේ පාමුල වැටී, තමාගේ ගෙදරට එන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 එවිට, ධර්මශාලා ප්‍රධානියෙකු වන යායිරස් නම් කෙනෙක් අවුත්, ජේසුස් වහන්සේගේ පාමුල වැටී සිය නිවෙසට වඩින ලෙස උන් වහන්සේගෙන් උදක් ම ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

41 සිනගෝග පාලකයකු වූ යායිරස් නැමැත්තෙක් පැමිණ, යේසුස්වහන්සේගේ පාමුල වැටී, තම නිවසට එන ලෙස ආයාචනා කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 එවිට, ධර්මශාලා ප්‍රධානියෙකු වන ජයිරස් නම් කෙනෙක් අවුත්, ජේසුස් වහන්සේගේ පාමුල වැටී සිය නිවෙසට වඩින ලෙස උන් වහන්සේගෙන් උදක් ම ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:41
15 හුවමාරු යොමු  

සිනගෝගයේ මුලාදෑනියාවූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තේය; කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක්ද අසා අදහාගෙන බව්තීස්මකරනු ලැබුවෝය.


ව්‍යවස්ථාවද අනාගතවාක්‍යයද කියෙවු පසු සිනගෝගයේ මුලාදෑනීහු: සහෝදරයෙනි, සෙනඟට අවවාද වචනයක් නුඹලාට ඇත්නම් කියන්නැයි ඔවුන්ට කියා යැවුවෝය.


යේසුස්වහන්සේ සබත් දවසේදී සුවකළ බැවින් සිනගෝගයේ මුලාදෑනියා කෝපව, සමූහයාට උත්තරදෙමින්: වැඩකළ යුතුවූ සදවසක් ඇත. ඒ නිසා සබත් දවසේ නොව ඒ දවස්වල ඇවිත් සුවය ලබාගන්නැයි කීවේය.


උන්වහන්සේ කථාරද්දීම සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙදරින් කෙනෙක් ඇවිත්: නුඹේ දුව මැරුණාය; ආචාරීන්වහන්සේට කරදර නොකරන්නැයි කීවේය.


එසේ පොත ගත් කල, ජීවමාන සත්වයෝ සතරදෙනා සහ වැඩිමහල්ලෝ විසිහතරදෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාච්ඤා නමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන, බැටළුපැටවාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝය.


එවිට ඒ සියල්ලෝ සිනගෝගයේ මුලාදෑනියාවූ සොස්තෙනේස් අල්ලා නඩු ආසනය ඉදිරියේදී ඔහුට තැළුවෝය. ගලියෝ මේ දේවලින් කිසිවක් ගැන සැලකුවේ නැත.


ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය.


උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටී උන්වහන්සේට ස්තුතිකළේය. ඔහු සමාරියයෙක්ය.


සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී: ස්වාමිනි, මා වෙතින් ගිය මැනව; මම පව්කාර මනුෂ්‍යයෙකැයි කිවේය.


එසේ හෙයින් මාර්තා යේසුස්වහන්සේට කියන්නී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා නොමැරෙයි.


මක්නිසාද දොළොස් අවුරුද්දක් පමණ වයස් ඇති ඔහුගේ එකම දුව මරණාසන්නව සිටියාය. උන්වහන්සේ යන කල සමූහයෝ උන්වහන්සේට තෙරපෙමින් සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්