යොහන් 18:28 - Sinhala Revised Old Version එවිට ඔව්හු යේසුස්වහන්සේ කායාඑස් කෙරෙන් ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගියෝය. එය අලුයම් වේලාවය; ඔව්හු, අපවිත්‍ර නොවී පාස්කුව කන්ට හැකිවන පිණිස, ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල් නූණෝය. Sinhala New Revised Version එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු කායාපස්ගේ ගෘහය වෙතින් ආණ්ඩුකාර මැදුර වෙත යේසුස්වහන්සේ ගෙන ගියහ. ඒ හිමිදිරි උදයයි. පාස්කුව වැළඳීමට හැකි වන පිණිස අපවිත්‍ර නො වන්නට ඔවුහු ආණ්ඩුකාර මැදුරට ඇතුළු නො වූහ. Sinhala New Revised Version 2018 එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ. |
මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.
පළමුවෙනි මාසයේදී දහහතරවෙනිදා පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින්, මුහුන් නැති රොටි කන්න.
තමුන්ගේ යහන්වලදී අපරාධ යොදා නපුර පිළියෙළකරන්නන්ට දුක්වේ! පසුවදා එළිවෙන කොට ඔවුන්ගේ අතට බලය ලැබෙන නිසා ඔව්හු ඒක ඉෂ්ටකරති.
එකල ආණ්ඩුකාරයාගේ හේවායෝ යේසුස්වහන්සේ ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගොස් මුළු හේවා කණ්ඩායම උන්වහන්සේ වෙතට රැස්කළෝය.
පහන්වූ කෙණෙහිම සෙනඟගේ වැඩිමහල්ලන්ගේ සභාව වන නායක පූජකයෝද ලියන්නෝද රැස්ව, තමුන්ගේ මන්ත්‍රණසභාව අභිමුඛයට උන්වහන්සේ ගෙනගොස්:
එකල යුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළංව තිබුණේය. බොහෝ දෙනෙක් තමුන්ම පවිත්‍රකර ගන්නා පිණිස පාස්කු මංගල්‍යයට පළමුවෙන් පිට පළාත්වලින් නික්ම යෙරුසලමට ගියෝය.
පළමුකොට අන්නස් ළඟට ගෙනගියෝය; මක්නිසාද ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාවූ කායාඑස්ගේ මාමාව සිටියේය.
සීමොන් පේතෘස්ද තව ගෝලයෙක්ද යේසුස්වහන්සේ පස්සේ ගියෝය. උත්තම පූජකයා ඒ ගෝලයා අඳුනන බැවින්, ඔහු යේසුස්වහන්සේ සමඟ උත්තම පූජකයාගේ ශාලාවට ඇතුල් විය;
එබැවින් පිලාත් නැවත ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල්ව, යේසුස්වහන්සේ කැඳවා: නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
නුමුත් පාස්කුවේදී මා විසින් නුඹලාට එක්කෙනෙකු නිදහස්කර හරින සිරිතක් නුඹලාට තිබේ. එහෙයින් යුදෙව්වරුන්ගේ රජ මා විසින් නුඹලාට නිදහස්කර හරිනවාට නුඹලා කැමතිහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහෙයින් මා නුඹට පාවාදුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක.
ඒ වනාහි පාස්කුව සූදානම්කිරීමේ දවසේ හවෙනි පැය පමණ විය. ඔහු: මෙන්න, නුඹලාගේ රජ! යයි යුදෙව්වරුන්ට කීවේය.
නැවත ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල්ව: නුඹ කොතැනින්දැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය. නුමුත් යේසුස්වහන්සේ ඔහුට කිසි උත්තරයක් නුදුන්සේක.
ඔවුන්ට කියනුනේය: යුදෙව් මනුෂ්‍යයෙකුට අන්‍යජාතී කෙනෙකු හා සමාගම්වීමවත් ඔහු ළඟට ඊමවත් අයුතු බව නුඹලාම දන්නහුය; නුමුත් කොයි මනුෂ්‍යයෙක්වත් අකැපය නොහොත් අපවිත්‍රයයි නොකියන්ට දෙවියන්වහන්සේ මට දැන්වූසේක.
එබැවින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම්ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන්ගෙන සිටීයයි කීවේය.
ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ තමන් මෙහෙකරුවූ යේසුස්වහන්සේ ගෞරවයට පැමිණෙවුසේක. නුඹලා උන්වහන්සේ පාවාදී, පිලාත් උන්වහන්සේ නිදහස්කරන්ට තීන්දුකරගන සිටි කල, ඔහු ඉදිරියෙහිදී උන්වහන්සේව එපාකළහුය.
කුමක්හෙයින්ද ඔබගේ අතින්ද ඔබගේ මන්ත්‍රණයෙන්ද සිද්ධවන්ට නියමකළ කොයි දෙයක් නුමුත් ඉෂ්ටකරන පිණිස,
එබැවින් ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරාගන්න ස්ථානයේදී එළු බැටළුවන් හා ගවයන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පූජාකරන්න.