Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 18:13 - Sinhala Revised Old Version

13 පළමුකොට අන්නස් ළඟට ගෙනගියෝය; මක්නිසාද ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාවූ කායාඑස්ගේ මාමාව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 පළමුකොට අන්නස් වෙතට ගෙන ගියෝ ය. ඔහු ඒ වසරේ උත්තම පූජකයා ව සිටි කායාපස්ගේ මයිලණුවන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 පළමු කොට ඔවුහු එම වසරේ උත්තම පූජක වූ කායාපස්ගේ මාමණ්ඩිය වූ අන්නස් වෙත උන්වහන්සේ ගෙන ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 පළමුකොට අන්නස් වෙතට ගෙන ගියෝ ය. ඔහු ඒ වසරේ උත්තම පූජකයා ව සිටි කායාපස්ගේ මයිලණුවන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 18:13
9 හුවමාරු යොමු  

එවිට බැඳසිටි උන්වහන්සේ අන්නස් විසින් උත්තම පූජකයාවූ කායාඑස් ළඟට යැවුවේය.


ඔහු ඒ කීම තමා විසින්ම උපදවා කීවා නොවේය. ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාව සිටි බැවින්, යේසුස්වහන්සේ ඒ ජාතිය උදෙසා මැරෙන බවත්,


තිබේරියස් කායිසර් රාජ්‍යයට පැමිණි පසළොස්වෙනි අවුරුද්දෙහි, දෙවියන්වහන්සේගේ වචනය වනයෙහිදී සෙකරියස්ගේ පුත්‍රවූ යොහන් වෙතට පැමිණියේය.


යේසුස්වහන්සේ ඇල්ලූ අය උත්තම පූජකයාවූ කායාඑස් ළඟට උන්වහන්සේ ගෙනගියෝය, ලියන්නොත් වැඩිමහල්ලොත් එතැන්හි රැස්ව සිටියෝය.


එකල නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද කායාඑස් නම් උත්තම පූජකයාගේ ශාලාවට එකතුව,


උත්තම පූජකයාවූ අන්නස්ද කායාඵස්ද යොහන්ද අලෙක්ෂන්දර්ද උත්තම පූජකයාගේ සියලු නෑයෝද යෙරුසලමෙහි රැස්වී ඔවුන් මැද සිටුවා:


එවිට ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ ඒ අවුරුද්දට උත්තම පූජකවූ කායාඑස් ඔවුන්ට කියනුයේ: නුඹලා කිසිවක්ම දන්නේ නැත,


එවිට ඔව්හු යේසුස්වහන්සේ කායාඑස් කෙරෙන් ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගියෝය. එය අලුයම් වේලාවය; ඔව්හු, අපවිත්‍ර නොවී පාස්කුව කන්ට හැකිවන පිණිස, ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල් නූණෝය.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහෙයින් මා නුඹට පාවාදුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්