Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 19:9 - Sinhala Revised Old Version

9 නැවත ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල්ව: නුඹ කොතැනින්දැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය. නුමුත් යේසුස්වහන්සේ ඔහුට කිසි උත්තරයක් නුදුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 රජවාසලට යළිත් ඇතුළු වී, ජේසුස් වහන්සේ අමතා, “ඔබ කොහෙන් එන්නේ දැ”යි ඇසී ය. එහෙත් ජේසුස් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 ඔහු යළිත් තම මැදුර තුළට පිවිස, යේසුස්වහන්සේ අමතා, “ඔබ කොහෙන් පැමිණියේ දැ?” යි ඇසී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහුට උත්තර නො දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 රජවාසලට යළිත් ඇතුළු වී, ජේසුස් වහන්සේ අමතා, “ඔබ කොහෙන් එන්නේ දැ”යි ඇසී ය. එහෙත් ජේසුස් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 19:9
18 හුවමාරු යොමු  

එබැවින් පිලාත් නැවත ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල්ව, යේසුස්වහන්සේ කැඳවා: නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.


ඒ [නිර්භීතකම] ඔවුන්ට විනාශයේද නුඹලාට ගැළවීමේද ලකුණක්ව තිබේ; එය දෙවියන්වහන්සේගෙන්ම පැමිණෙන්නේය.


යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මා ගැනම මා සාක්ෂිදෙතත් මාගේ සාක්ෂිය සැබෑය; මක්නිසාද මම කොතැනින් ආයෙම්ද කොතැනට යම්දැයි දනිමි; එහෙත් මා එන්නේ කොතැනින්ද යන්නේ කොතැනටදැයි නුඹලා දන්නේ නැත.


නුමුත් යේසුස්වහන්සේ කථා නොකර සිටිසේක. එවිට උත්තම පූජකයා: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමියි උන්වහන්සේට කීවේය.


උන්වහන්සේට පීඩාකළ විට, උන්වහන්සේ යටත්වී තමන්ගේ මුඛය නෑර සිටිසේක; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නෑර සිටිසේක.


එවිට ඒ ස්ත්‍රී අවුත් ඇගේ පුරුෂයාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මා ළඟට ආයේය, ඔහුගේ පෙනීම දේවදූතයෙකුගේ පෙනීම හා සමානව ඉතා භයානකව තිබුණේය; ඔහු කොතැනින් ආවාද කියා මම නොඇසීමි, ඔහු තමාගේ නම මට දැන්නුවෙත් නැත.


එබැවින් පිලාත්: එසේවී නම්, නුඹ රජෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම රජෙක්යයි නුඹ කියනවා හරිය. ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය. සත්‍යයෙන්වූ සියල්ලෝ මාගේ හඬ අසතියි කීසේක.


එකල ආණ්ඩුකාරයාගේ හේවායෝ යේසුස්වහන්සේ ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගොස් මුළු හේවා කණ්ඩායම උන්වහන්සේ වෙතට රැස්කළෝය.


ඔහු බොහෝ වචනවලින් උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසූ නුමුත්, උන්වහන්සේ කිසි උත්තරයක් ඔහුට නුදුන්සේක.


එවිට ඔව්හු යේසුස්වහන්සේ කායාඑස් කෙරෙන් ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගියෝය. එය අලුයම් වේලාවය; ඔව්හු, අපවිත්‍ර නොවී පාස්කුව කන්ට හැකිවන පිණිස, ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල් නූණෝය.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹම මේක කියනවාද? නොහොත් වෙන අය මා ගැන නුඹට මේක කීවෝදැයි ඇසූසේක.


එබැවින් පිලාත් ඒ කීම අසා, වඩාත් භයවූයේ,


නුඹ මට කථාකරන්නේ නැද්ද? නුඹ මුදාහරින්ට බලයද නුඹ කුරුසියෙහි ඇණගසන්ට බලයද මට ඇති බව නුඹ දන්නේ නැද්දැයි පිලාත් උන්වහන්සේට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්