ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 27:54 - Sinhala Revised Old Version

සියයකට මුලාදෑනියාද ඔහු සමඟ යේසුස්වහන්සේ රැකවල්කරමින් සිටි අයද පොළෝකම්පාවත් සිදුවූ දේත් දැක ඉතා භයපත්ව: සැබවින්ම මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ මුර කරමින් සිටි සියයේ සේනාධිපතියා හා ඔහු සමඟ සිටි අය පොළෝ කම්පාවත්, සිදු වූ අන් සියල්ලත් දුටු කල, බයින් වෙළී, “නිසැකයෙන්ම ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ම වී යැ!” යි පැවසූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න



මතෙව් 27:54
22 හුවමාරු යොමු  

නුමුත් යේසුස්වහන්සේ කථා නොකර සිටිසේක. එවිට උත්තම පූජකයා: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමියි උන්වහන්සේට කීවේය.


ඔව්හු එහි හිඳගන උන්වහන්සේ රැකවල්කළෝය.


දේවමාළිගාව කඩාදමා තුන් දවසකින් ගොඩනගන්නාවූ නුඹ නුඹම ගළවා ගන්න. නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බසින්නැයි කීවෝය.


ඔහු දෙවියන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නේය; උන්වහන්සේ ඔහුට ප්‍රිය වනසේක්නම් දැන් ඔහු මුදාහරිනසේක්වා. මක්නිසාද–මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි ඔහු කීවේයයි කීවෝය.


බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය;


එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත්: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්ට අණකරන්නැයි කීවේය.


උන්වහන්සේ කපර්ණවුමට ඇතුල්වූ කල්හි, සියයකට මුලාදෑනියෙක් උන්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේට කන්නලව්කරමින්:


උන්වහන්සේ ඉදිරියෙහි සිටි සියයකට මුලාදෑනියා උන්වහන්සේ මෙසේ ආත්මය හළ බව දුටු කල: සැබෑවටම මේ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීය. ස්ත්‍රීවරුද දුරින් බලාසිටියෝය.


ඔවුන් සියල්ලෝ: එසේ නම් නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයාදැයි ඇසුවෝය. උන්වහන්සේද: ඒ මම බැවින් නුඹලා කියන්නහුයයි ඔවුන්ට කීසේක. ඔව්හුද: තවත් සාක්ෂි අපට කුමටද?


යුදෙව්වරු ඔහුට උත්තරදෙමින්: අපට ව්‍යවස්ථාවක් තිබේ, තමාම දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි ඔහු කී බැවින්, ඒ ව්‍යවස්ථාවේ හැටියට ඔහු මරනු ලැබිය යුතුයයි කීවෝය.


ඉතාලික කණ්ඩායමයයි කියන හේවා කණ්ඩායමේ සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් නම් එක්තරා මනුෂ්‍යයෙක් කායිසාරියෙහි සිටියේය.


ඔව්හු ඒ අසා අනිනලද සිත් ඇතුව: සහෝදරයෙනි, අප විසින් මක්කරන්ට ඕනෑදැයි පේතෘස්ගෙන්ද අනික් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය.


ඔහු එවේලේම හේවායන්ද සියයකට මුලාදෑනීන්ද රැගෙන ඔවුන් වෙතට දිවුවේය. ඔව්හු අධිපතියා සහ හේවායන් දැක, පාවුල්ට තැළීමෙන් නැවතුණෝය.


එවිට පාවුල් සියයකට මුලාදෑනීන්ගෙන් එක්කෙනෙකු කැඳවා: මේ යෞවනයා ප්‍රධාන සේනාපතියා ළඟට ගෙනියන්න. ඔහුට කාරණයක් දන්වන්ට තිබේයයි කීවේය.


එවිට ඔහු සියයකට මුලාදෑනීන් දෙදෙනෙකුට අඬගසා: කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක්ද අසරුවන් සැත්තෑවක්ද හෙල්ල දරන්නන් දෙසියයක්ද රාත්‍රියේ තුන්වෙනි පැයට සූදානම්කරන්නැයි කීවේය.


ඉතාලියට නැව් නැගී යන්ට අපට නියමකරනු ලැබූ කල්හි පාවුල්ද වෙනත් සමහර හිරකාරයෝද අගොස්තීනු කණ්ඩායමට අයිතිවූ ජුලියස් නම් සියයකට මුලාදෑනියෙකුට භාරදෙනලද්දෝය.


නුමුත් සියයකට මුලාදෑනියා පාවුල් ආරක්ෂා කරනු කැමතිව ඒ අදහසින් ඔවුන් වලක්වා, පීනන්ට පුළුවන් අයට පළමුකොට මුහුදට පැන ගොඩට යන්ටත්,


අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වේවා.


එම පැයේදීම මහත් භූමිකම්පාවක් වී, නුවරින් දසයෙන් කොටසක් වැටුණෝය; භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් සත්දහසක් මැරුණෝය. ඉතිරි අය භයපත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට ගෞරව දුන්නෝය.