Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 21:32 - Sinhala Revised Old Version

32 ඔහු එවේලේම හේවායන්ද සියයකට මුලාදෑනීන්ද රැගෙන ඔවුන් වෙතට දිවුවේය. ඔව්හු අධිපතියා සහ හේවායන් දැක, පාවුල්ට තැළීමෙන් නැවතුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 ඔහු එකෙණෙහි ම හේවායන් ද ශතාධිපතියන් ද කැඳවා ගෙන ඔවුන් වෙතට දිවී ය. ඔව්හු සේනාධිපතියා හා හේවායන් දැක, පාවුලුට තැළීම නතර කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

32 නිලධාරීන් ද භට පිරිසක් ද ගෙන, ඔහු ජන සමූහයා වෙත වහා දිව්වේ ය. සෙන්පති හා ඔහුගේ භට පිරිස දුටු කලබලකරුවෝ පාවුල්ට පහර දීම නැවතූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ඔහු එකෙණෙහි ම හේවායන් ද ශතාධිපතියන් ද කැඳවා ගෙන ඔවුන් වෙතට දිවී ය. ඔව්හු සේනාධිපතියා හා හේවායන් දැක, පාවුලුට තැළීම නතර කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 21:32
8 හුවමාරු යොමු  

යුදෙව්වරුන් විසින් මේ මනුෂ්‍යයා අල්ලා මරන්ට සාදන කල, ඔහු රෝමයෙකු බව මම දැනගන, හේවායන් සමඟ ගොස් ඔහු ගළවාගතිමි.


ඔව්හු ඔහුගේ වචනයට එකඟවී, ප්‍රේරිතයන් තමුන් වෙතට ගෙන්වා, ඔවුන්ට තළා, යේසුස්වහන්සේගේ නාමයෙන් කථා නොකරන්ට අණකොට යන්ට හැරියෝය.


නුඹලා මාගේ සෙනඟ පාගා දමන්නෙත් අසරණයන්ගේ මුහුණු පොඩිකරන්නෙත් මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.


මොහු දේවමාළිගාව අපවිත්‍ර කරන්ටත් හැදුවේය. අපි ඔහු අල්ලාගතිමුව.


එකල මම කථාකොට: ස්වාමීනි, ඔබ කෙරෙහි ඇදහූවන් මා විසින් හිරගෙවල දමා, සියලු සිනගෝගවලදී ඔවුන්ට තැළූ බව ඔව්හුම දනිති.


එවිට ඒ සියල්ලෝ සිනගෝගයේ මුලාදෑනියාවූ සොස්තෙනේස් අල්ලා නඩු ආසනය ඉදිරියේදී ඔහුට තැළුවෝය. ගලියෝ මේ දේවලින් කිසිවක් ගැන සැලකුවේ නැත.


එකල හේවාකණ්ඩායමද ප්‍රධාන සේනාපතියාද යුදෙව්වරුන්ගේ සේවකයෝද යේසුස්වහන්සේ අල්ලා බැඳ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්